එකොලොස්වෙනි වර්ෂාව

272 40 2
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________

" සිහින නෙළුම් මල් පොකුණු පුරා...
මගේ පුතුගේ කිරි සිහිනේ සුවද කරා...
මගේ ලොවම ඒ සුවදින් පහන් වෙලා..
කිරි සුවද් දේ මුවගේ පවන් සලා..."

                          අල්ලපු ගෙදර සුපුන්ගේ රේඩියෝ එකෙන් යන්තමට ඇහුනු සිංදුව මුමුණ මුමුණ මම තොටිල්ලෙ නිදියන පුංචි මැණික් කැටේ දිහා බැලුවා.. රත්තරන් රෝස පාට මික්ස් වුන ස්කින් කලර් එක, තද නිල් ඇස්, කළු පාට සේද වගේ කොණ්ඩේ ... හරිම ලස්සනයි.. ආයේ ඉතිම් අහන්නත් දෙයක්ද මගේ ලමයෙක් කිව්වම... මං වගේම චුට්ටං සුරංගනා පැංචෙක් එයා.. කොච්චර බැලුවත් එපා වෙන්නැති මැණිකගේ කම්මුලට උම්මියක් දෙකක් නෙවෙයි සීයක් විතර දීදී කොල්ලව ටික ටික කනකොට කාමරේ දොරෙන් තව පුංචි ඔලුගෙඩියක් ඇතුලට එඹුනා...

    🍼 " අම්මා..."

හහ්.. මගේ අනිත් අප්පුහාමිනේ මේ... බීලා ඉවර කරපු කුක්කු බෝතලෙත් උස්සන් හොරෙක් වගේ ගාටන කොල්ලා දිහා බලාගෙන මම එක කම්මුලක් අල්ලට බර කරගත්තා..

"ම්ම්ම්ම්ම්ම්"

🍼 "ආක්කුන් තුත්තක් දෙනවද..??"

"අනේ මගේ මැණිකට බඩගිණිද වස්තුවේ..."

🍼 "ම්ම්ම්.. නා.. නා.. තුත්තක් ආක්කුන් ...🥺"

                  
                              පොඩිත්තා ඔලුවත් පොඩ්ඩක් ඇලකරලා සුටි අතෙන් සුට්ටයි කියලා පෙන්නන්න ඇගිලි උණ්ඩි කරාම මගේ පපුව පැලෙන්න ආවා..  කාටද දෙයියනේ ඉතින් මේ කොමලේ දැක දැක අහක බලන්න පුලාන්.. ඇස් වහක් කටවහක් නෑ මගේම කොලුපැටියා මේක.. හරිම හුරතල්..

"අයියෝ.. මගේ සංකද.. ඔයාට තමයි අනෙ ඔයාට තමයි මේ ඔක්කොම..."

මං මගේ ලොකු මැණිකවත්  එක දශමයක ආදරේ වෙනසක් නැතුව ඉම්බා...
මගේ වස්ටු කැටේ..
මගේ හංකුලු ෂුකුටුයියා..
හනේ මගේ ජීවිතේමනේ මේ ඉන්නේ දෙයියනේ...

බුරිය උල් වෙන්නම කුක්කු බීව්වත් අදත් පුරුද්දට මාව හොයන් ආව බුබ්බා කොටේව මං උස්සලා උකුලට ගත්තා.. හප්පේ ඉතිම් මේ කොලුවා  සූදට සූදෙ, බෝල ගෙඩිය වගේ ඉන්නකොට කාටද ඉතින් ආඩම්බර. .. තනිකරම මටනේ... තනිකරම මට..
හහ්...
මගේ ලෂ්ෂන පුතු මැණික..
ඇත්තමයි දවසක මං මැරුනොත් මැරෙන්නේ මේ මල කෝලං දෙක හින්දා ආදරේ දරාගන්න බැරුව පපුව පැලිලා.. ඒක මට සීයට දාහක් ෂුවර්...

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now