පහලොස්වෙනි වර්ෂාව

201 35 1
                                    

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________

"යනවකො අයියේ... "

මං කැ ගැහුවේ මෝඩ සේෂුත් මගේ ඇග උඩටම කඩාපාත් උන නිසා..

"බෑහ් මට මේම ඉන්න ඕනෙ... "

නැගිටිනව වෙනුවට ඒකා අත් දෙකෙන් මාව තදට බදා ගත්තෙ මටත් හෙලවෙන්න බැරිවෙන්න..

"අර්ර්හ්ම්"

මං කෙදිරිගෑවේ සෝෆා පිලෝ එකක් ඇදලා ගන්න ගමන්.. මං හැදුවේ ඒකෙන්වත් මේකට හොදවයින් දෙකක් දෙන්න.. ඒත් ඊට කලින් ගෙදර දොර ආයෙ ඇරුනා...අප්පච්චිගේ යාලුවා එන්නැති.. අපි දෙන්නා සෝෆා එකේ පිලිවෙලට වාඩි උනේ එයාව සාදරයෙන් ආදරයෙන් පිලිගන්න .. මොකද මොන පිස්සුව නැටුවත් පිට අය ගාව අපි හරිම විනීත එලිගන්ට් ලමයි.. ඒත් ඇතුලට ආව එක්කෙනා දැක්කම මාව නොසිතූ අයුරින් සප්‍රයිස් උනා.. ඒත් එයා අපි දෙන්නව දැකලා ඊට වඩා සප්‍රයිස් උනාද කොහේද??

"ඔයා...?? "

"තමුන්ලා...!! "

මේඝ කෑ ගැහුවේ දොර මුල්ලෙ තිබ්බ බේස්බෝල් බැට් එකකුත් අතට ගන්න ගමන්.. හරිනේ... දැන් ඉතින් බඩ කට පුරෝලා හොද පෝශ්‍යදායී ආහාර වේලක් හම්බෙන්න යන්නේ...
හොදෑඩේ මටත්...
හොදම හොදෑඩේ මේ සේෂ් නාගයා විස්වාස කරලා මේකත් එක්ක මේ ගමන ආවට.. හීන කුමාරයා එක්ක ලව් කරන එක කෙසේ වෙතත් අන්තිමට මට වෙන්නේ ඒකගෙම පැමිණිල්ලෙන් බ්‍රේක් ඇන්ඩ් එන්ට්‍රි කියලා හිරේ යන්න...

අඩන්න ඕනෙ නොවුනත් හිතට ආපු බයටම මට ඇඩෙන්න ආවා.. මට ඕනෙ නෑ පිටරටක හිරේ යන්න..
ඇත්තමයි දැන්නම් තනි ඇහැට නෙවෙයි ඇස් දෙකටම ඇඩෙනවා...
උ හෑ......😭

"මේ... මේ.. මේ... එතකොට මේ අපේ ගෙදර නෙවෙයිද??"

ඕන් ඇහුවා ප්‍රස්නයක්... මෝඩම මෝඩ සේෂ් නාගයා.. බයේ අඩන එකත් නවත්තලා පුප පොලේ ගහගෙන මැරෙන්න හිතෙන්නේ මේ වෙලාවට... කොහේද ඉතින් මොක දුන්නත් පුප දෙන්න...
සොරි.. සොරි..
මොලේ දෙන්න බෑ කියනවනේ..
මේ අපත සොහොයුරා හින්දා අපිව හිරේට දාලා මදිපාඩුවට පිස්සන් කොටුවටත් එක්කන් යාවී.. මං අතේ තිබ්බ සෝෆා පිලෝ එකෙන් යුවීන්ට දමලා ගහලා එතනම බිම වාඩිවෙලා මහා හයියෙන් බෙරිහන් දිලා අඩන්න ගත්තේ මේ යනවිදියට හිරේයන බුදු ෂුවර් නිසා.. මේ එලිගන්ට් වෙන්න වෙලාව නෙවෙයි.. තැන්පත් වෙන්නත් බෑ මට මෙහෙම.. අනික මට මැවිලා පෙනුනා මාව අත් දෙකටම මාංචු දාලා බිම දිගේ ඇදගෙන ගිහින් කූඩුවක දානවා.. එයාලා හැමදාම ඇවිත් ලොකු බැටන් පොලු වලින් මට ගහවි.. මං මොකුත් දන්නෑ කිව්වොත් විශ්වාස කරයිද???... අනේ මට බෑ මෙහේ හිරේ යන්න...
බු...හූඌඌඌඌඌඌ...
අම්මට එතකොට මාව බලන්නවත් එන්න බැරිවෙයි... අනේ...හ්

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now