විසිවෙනි වර්ෂාව

201 35 2
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

DAY 4
------------

                       
   අහසිදුට කදුළු කියන්නෙ පුරුදු දෙයක් නෙවේ... නපුරුකම , වෙනස්කම මං කවදාවත් අත්විදපු දේවල් නෙවේ.. අම්මා අප්පච්චිලා අයියා කවදාවත් මාව අඩවන්නෙම නැතිතරම්... ආච්චිලා සීයලට මාත් හරි එයාලගේ පණත් හරි.. ගමේ මිනිස්සු පවා උපරිමයෙන් පවුලෙන් පිට එකෙකුට ආදරේ කරානම් ඒ මට.. ඉදලා හිටලා පුංචි පුංචි දේවලට මගේ හිත රිදුනත්, ආයෙ මාව සතුටින් තියන්න එයාලා උපරිමෙන්ම උත්සාහ කරනවා..  ඒත් ඒ හැමෝගෙම ආදරේ ලැබුනත්, පුංචි කාලේ ඉදන්ම මගේ හීන වලට ආපු හීන කුමාරයා විතරක් මට ආදරේ කරන කෙනෙක් නෙවෙයි.. ඊයේ අර තරම් හිත රිද්දලත් එයා නෙවෙයි මගේ හිත හදන්න වචනයක්වත් කිව්වේ.. අඩුම ගෙදර ආවෙවත් නැහැ එයා ඊයේ.. මං කලේ ආදරේ කරපු එක විතරනේ එයාට.. ඒකට ඇයි මෙච්චර දඩුවමක්... ඇයි එයා මට ආදරේ නැත්නම්, මගේ හීන ඔක්කොම හොරකම් කලේ...

                                මං හිතුවේ යුවීන්ගේ පපුවට තුරුලු වෙන ගමන්.. ඊයේ රෑ එලිවෙනකම්ම අයියා මාව බදාගෙන හිටියා එක මොහොතකටවත් ඈත් නොවී... ඒත් වෙනදට එයාගේ උණුහුමේ හිතට දැනෙන සැනසීම අද බිංදුවක්වත් නෑ.. රෑ එලිවෙනකම්ම ඇස් දෙකෙන් එක දිගට කදුළු ආවා.. මටම පුදුමයි... ඇස් දෙකේ එච්චර කදුළු තිබ්බද කියලා.. ජීවිත කාලෙම අඩන්නැතුව තියාගත්තු කදුළු ඔක්කොම මගේ පැරදුනු ආදරේ නමට ලියවිලා.. හිතාගන්න බැහැ  ඇයි එක වචනෙකට එක නපුරුකමකට මේ තරම් හිත රිදෙන්නේ.. ඇත්තටම ආදරේ කියන්නෙ මේතරම් ලොකු වේදනාවක්ද??.. ඒක එහෙනනම් මට ආදරේ ඕනෙ නෑ.. හිනාවෙන්න ආස මට මේ කදුළු ගොඩාක් බර වැඩි...

     "යූ බබා ..🥺 "

මං කතා කලේ අයියට.. එයා නිදි.. රෑ මැදියමක් වෙනකම් මාත් එක්කම ඇහැරන් ඉදලා නිදාගත්තේ දැන් ඩිංගකට කලින්...

"ම්ම්.."

අයියා අහන්නේ යන්තම් ඇස් ඇරන්.. එයා තාම බාගෙට නිදි...

"යන්න දෙන්න මට.. සූ බරයි... "

මං කිව්වේ එයා දඩු අඩුවක් වගේ මාව හිරකරන් ඉන්න අත් දෙකට තට්ටුවක් දාලා..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now