දහතුන්වෙනි වර්ෂාව

250 36 2
                                    

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________

"සිද්ධේ පතල දෙව් රද බයිරව කන්දේ...
දිවැසින් දැක්කාලු සත්හිරු මනු යුද්ධේ...
වෛරය කෝප ගිණි දැවි දැවී රට මැද්දේ..
උල්පත් පවා සිදුනලු මීදුම් ඇල්ලේ..

එකෙකු නසා තවකෙක් දිවි රැකගත්තයි..
ගොයම් දළුද ගිණි සායෙන් බැටකන්නයි.
බඩේ පොත්ත පිට ඇලි ඇලි වේලෙන්නයි...
දියපොද නැතුව මහ නියගෙකි බේරෙන්නයි..

දුක් ගී ගය ගයා ගැමියන් ඇඩුවාලූ...
සත්තා කරුණ දෙවියන් දුක ඇසුවාලූ..
දිය රැළි නැගි වැවක් ගම මැද තැනුවාලූ...
වැව පිරෙන්ට මහා වැසි ඇදහළුනාලූ...

නීලකන්ද මහා රජුනගේ පුත්තරයා...
දේවතාවියක පිළිසිදි සක්කරයා..
සත්හිරු ගමට පෑයූ දෙව් දිනකරයා..
වහින වැස්සේ මතුරාපන් ගුණවරුණා.."

එලියේ පැලෙන්න වරුසාවේ හඩ මැද්දෙන් වෙදගෙදර ආරතී හාමිනේගේ කවි රසේ පිටාර ගැලුවා... හරිම හීන් කට හඩක් තිබුනු මද්දු අම්මගේ ඒ කවි අස්සෙ තිබුනේ පට්ටම ලස්සන කතාවක්.. සත්දිරුවේ උපත ගැනයි, ගමේ බණ්ඩාර දෙයියන්ගේ හපන්කම් ගැනයි පේලියක් පේලියක් ගානෙම කියවෙනකොට මෙහේ වහින කාලෙට ගමේ බන්ඩාර දෙයියන්ගේ නම නොකියවුනු ගෙයක් හොයන්නවත් නැති උනා.. ගමේ බණ්ඩාර දෙයියන්ගේ බැල්මෙන් තාමත් ආරක්ෂා කරන පුංචි සත්දිරුවට මූළු අවුරුද්දටම මහ වැහි වහින්නේ මාස තුනයි.. හැබැයි කිව්වට විශ්වාස කරන්න ඒ මාස තුනට හිම විතරයි මෙහාට වැටෙන්නැත්තේ... අම්මපා.!!. එක සීරුවට තුන් මාසයක් නවතින්නෙ නැතුව වහින වැස්ස මදිවට ඩීප් ෆ්‍රීසරේ දාලා වගේ අතපය කට කට ගාලා ගැහෙන සීතල එක්ක මං පුළුවන් උපරිම වකුටු වෙලා දොර මුල්ලට ගුලි උනා... එලියට යන්නත් නෑ මල වදේ ..
හනේ මංදා මගෙම කරුමේ මේක..
මැදැයි දාස් ගාණක් රැකන් ඉදල ඉදල හොද ඕපදූපයක් හොයාගෙන සදෙව්මි අක්කට ගින්නක් දීලා යන්න ආවා...
ෂිහ්...
අර හොර ගෙඩි බරණාටම ඔප්පු වෙන්න මර වැස්ස හින්දා ගෙදර හැත්ත බුරුත්‍තම සාලෙට රොක් වෙලා කවි කියනවා.. මට මේ ගිණිගෙඩිය අරන් එහාට්ට යන්නත් බැහ්.. මෙහාට්ට යන්නත් බෑහ්.. මට සොකලට් අයිස් ක්‍රීම් දුන්නැති තරහට අර සදෙව්මියගෙන් පලිගන්නත් බෑහ්.. ම්හූක්ක්ක්....

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now