විසිහතරවෙනි වර්ෂාව

423 62 6
                                    

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

__________________________________________________

"බු හූඌඌඌඌ    ... වෑහ්හ්හ්... 😭😭"

"දෙයියනේ සුදූ දැන්වත් ඔය ඇඩිල්ල නවත්තන්න දරුවො.. මොකද මේ පොඩි එකෙක් වගේ හොටුත් පෙරාගෙන.."

මං වාහනෙ ඇතුලේ, දූලි පොදක් නැති කාපට් එක  උඩ ඉදන් පොලොවේ පස් කන්න හදනකොට මේඝ මට සැරවුනේ එක අතකින් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් අනිත් අතින් මගේ නාහෙ එල්ලෙන හොටු බෝලයක් පිහිදාලා.. කැත නැද්ද දන්නෑ..  හුම්ම්..  එක්කො නැතුව ඇති.. ඒත් ඉතිම් මට හෙන දුකයිනේ... ඒකනේ හොටු එන්නෙ.. ඒකට බැනලා වැඩක් තියනවද?

"මට ඇඩෙනෝනෙ .. හුහ්.."

මං කිව්වෙ නාහෙ ඉතුරු හොටු ටිකත් එයාගේ ෂර්ට් අතේම පිහිදාලා.. එයාට කැත නෑනේ ඉතිම්.. මං අතේ ගාගන්න ඕනෙ නෑනේ..

"ඒක තමයි අහන්නෙ මොකටද දැන් අඩන්නෙ කියලා.."

"ඉතිම් මං මේ අම්මලා අප්පච්චිලාව දාලා යන ගමන්නේ රන් අයියේ.. ම්හුක්.. ඉතින් මට දුක නැද්ද.. ආයෙ කවදා දකින්නද?"

මට ආයේ ඉකිගැහෙනකොට  මේඝ මගෙ දිහා බලන් උන්නෙ දෙන්නෝනෙ මුට පුප  පැලෙන්න දෙකක් මූඩ් එකකින්.. හැයි අනේ ඒම..

"කවද දකින්නද.. ?? මොකද මං ඔයාගේ අප්පච්චිට කියන්නද කාර් එක ඕවර්ටේක් කරලා නවත්තන්න කියලා.. දෙයියන්ගෙ නාමෙට ඒ හැමෝම අපිට පිටිපස්සෙ වාහන වල එනවනේ සුදු.. ඇයි බොරුවට ආ.. දකින්න වෙන්නෑ අරකයි මේකයි කියලා බොරුවට අඩලා ලෙඩ වෙන්නද ඒ පාර.."

මේඝ දිගටම සැරවෙනකොට මට ආයෙ ඇඩෙන්න ආවා.. තේරෙන්නෑනෙ මේ මෝඩ රන් අයියට.. ආවට මොකද මට දැන් යන්න ඕන නෑ කියලා.. මට ඕන්නෑ කොලඹ ඉන්නහ්.. හුහ්.

"එයාලා ආවට එයාලා අපි එක්ක ඉන්නෑනේ.. එයාලා යනෝනෙ . එතෝට..  එතෝට මට තමා පාළු.. "

මං දෝතින්ම මේඝගේ අත් ගොබයක් බදාගෙන ඒ උරිස්සෙ ඔලුව ගගගත්තා.. කලින් ගාපු හොටුත් තිබ්බට අනේ ඒ ගැන ඈක්කා හිතන්න බැරි තරම් මට දුකයි .. අන්තිමේ මං අපේ ගෙදරින් ඇත්තටම යන්න යනවා.. තාවකාලිකව උනත් කැම්පස් එක වෙනුවෙන් ඒ කරන්න වෙන කැපකිරීම මාව නොසෑහෙන්න රිද්දනවා.. මට බැ වගේ සත්දිරුවෙන් ඈත්වෙන්න.. අන්‍තිමට මං කැම්පස් යන්න බෑ කියලා ඇඩුවත්තෙක්ක... ඒත් කාරුත් ගණන් ගත්තෙ නෑනෙ පොඩි ලමයව.

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now