දහසයවෙනි වර්ෂාව

216 34 1
                                    

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

_________________________________________

"මේඝ අයියා ඇයි ඉතින් ලංකාවෙන් ආවෙ... ??"

මං ඇහුවේ මට දැනගන්න නෙවෙයි, නිකම් කට තියන් ඉන්න බැරි හින්දා.. කට නලියනවා වගේ චුට්ටක් කතා කරන්නැතුව ඉන්නකොට..

"ම්ම් ... ඒඑක මේහ්... "

මේඝ කියද්දිම උඩ තට්ටුවෙන් මගේ ෆෝන් එක රිංග් වෙනවා ඇහුනා.. හෙලේනා අක්කා බෙරිහන් දීලා කියපු දේවදූතිකාවගේ නැලවිලි කවියෙ හැටියට කෝල් එක අපේ ගෙදර සුකුටු බුකුටු කොව්වගෙන් වෙන්නෝනෙ... ආවත් හරි එයාගේ කටහඩවත් ඇහුවේ නෑ කියලා මතක් වෙද්දී මං උඩට දිව්වෙ තත්පරේට හැටේ වේගෙන්..

"අම්මා.... "

මං ෆෝන් එක ආන්සර් කරනකොටත් මට ඇඩිලා.. හරි පාලුයි එයා නැතුව.. යු බබා නම් එයාගේ ඔය මොඩ්ලින්ග්  වැඩ වලට කාලෙන් කාලෙට රටේ හැම තැනම ගියාට, මේ මං අම්මව දාලා දුරම දුර ගමනක් ආව පලවෙනි වතාව..

"චූටි මැණික.. "

අම්මගේ කටහඩ ඇහෙද්දිත් හිත නිවෙනවා.. ඒත් එයත් දුකෙන් වගේ..

"අම්මා පාළුයි... "

මං කිව්වෙ හිත ඇතුලෙන් එයා ගාවට දුවගෙන යන ගමන්.. ගතින් නැතත් හිතින් එයාගේ තුරුලට වැදුනම තමා මගේ පපුවෙ රිදිල්ල සුට්ටක් අඩු උනේ..

"හුම්ම්..මටත්.. පුතු කාලද?"

හැම අම්මා කෙනෙක්ම අහන ප්‍රස්නේ.. කාලද?? අපි කන්නෙ නැතුව එයාලගෙ බඩට වතුර උගුරක්වත් වැටෙන්නෑ කියන කතාව ඇත්ත වෙන්න ඇති..

"කන ගමන් හිටියේ අම්මා.. අම්මා කාලද??🥺"

මං ඇහුවේ දුකින් .. තාම බඩගින්නෙනම් පව්නේ.. එහේට දැන් ගොඩාක් රෑ වෙලාත් ඇති..

"නැහ්නම්.. අද ඉතිම් ඔයාලත් නැති එකේ අපි kfc ගිහින් කාලා ආවා..."

අම්මා කිව්වෙ මට සසර සංසාරෙත් එපා කරවලා.. නෙදකිම්.. මං අර කලින් කල අනුවේදනීය ප්‍රකාසේ ඉල්ලා අස් කරගන්නවා..

" ඇයි අම්මා ඔයා ඒම... "

මං ඇහුවේ අහන්න දෙයක් නැතිම තැන.. හරිම කැත වැඩේ මොනා උනත් ඒකනම්.. හිටුකෝ හෙට සේෂ් නාගයා එක්ක මැක්ඩොනල්ඩ්ස් ගිහින් කන කන එක ෆොටෝ ගහලා දානවා...

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now