විසිඑක්වෙනි වර්ෂාව

213 37 1
                                    

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

____________________________________________

" දන්න හදුනනා තරු නෙතු ගැටිලා...
නොදන්න ගාණින් මා පහු කෙරුවා...
මට නුඹ විතරක් උන් දා...
නුඹට වෙනත් අයෙක් ඉදලා...
රෑ සිහිනෙන් මා ඇහැරවා තනි කලා...

මේඝ...

මේඝ..

කවදාහෝ නුඹ දුක් වේ...
මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් ඒ..."

මං තාලෙට කිව්වේ මේඝ මාව දැක්කෙ නැති ගානට යනවා බල බල.. හිමීට නෙවෙයි ඉන්ටර්ස්පෑන් එකම දෙදරලා යන තරම් සද්දෙන්.. එහෙමයි මනුස්සයෙක් උනාම අවධානේ අරගන්න ඕනේ..

** ඕනෙවට වඩා කවුරුන් හෝ ලොකු ලයින් දායි නම් ඔහුව කිච කිරීම ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න... **

මං නන් නෙවේ අපේ අම්මා තමා කිව්වේ... හැබැයි කතාව වැරදිත් නෑ වගේ.. මුළු ඉන්ටර්ස්පෑන් හුදී ජනතාව මගේ දිහා‍යි මේඝ දිහායි හැරී හැරී බලද්දී මේඝ නැට්ට කැඩුණු හූනෙක් වගේ නලිය නලියා මගේ ගාවට ඇවිදගෙන ආවා.. පවූඌඌඋ කිරි පුතාට තරහා ගිහිල්ලා..

"මෙහේ එනවා යන්න... අර්ර්හ්හ්හ්... "

ඌෆ් අනේ මෙන්න මෙයාට මාව පෙනිලා... කලින් හැසිරුණු හැටියට මං හිතන් හිටියේ මං මැරිලා භූතයෙක් වෙලා කියලා.. මේඝ මගේ වැලිමිට ගාවින් අල්ලගෙන මාව ඉන්ටර්ස්පෑන් එකෙන් එලියට ඇදගෙන ආවේ දත්කූරූ කකා.. පුලාන්නම් මට බිම දාගෙන ගහයි මේ යකා..

සූහූ...

හොදේලාවට මං අහස්නගේ අයියාගේ බඩේ ඉපදුනේ.. නැත්නම් මූව මෙහෙමවත් අල්ලන්න වෙන්නෑ .. අහස්නත් යන්තම් මොලේ කල්පනා කරලා පස්මහ බැලුම් උඩ යවලද කොහේද ඉපදෙන්න අපේ අම්මවම තෝරන් තියෙන්නෙ. නැත්නම් මේ ලෝකෙ මොලේ තියන කිසිම එකෙක් කරන වැඩැක්යැ ඒක..

"තමුසේ.. තමුසේ.. මට.. පාඩුවේ ඉන්න දෙන්නැද්ද... ??"

මේඝ ගිණි කන්දක් වගේ පිපුරුවේ මට ගහන්න බැරි පාර එයාගේ තද නිල් පාට අවුඩියේ බොනට් එක ගහලා.. පව් අහිම්සක වාහනේ සිදෙන්නත් ඇති චූටියට.. ඒත් ඉතින් බලන්න.. එයාට පාඩුවේ ඉන්න දෙන්නලු... මෙච්චර මේ මැරිලා ඉපදිලා ආවෙ මේකාට පාඩුවෙ ඉන්න දෙන්නද.. අල්ලලා මගේ කරත්තෙට තියලා බැදගන්නනේ... හුම්ම්..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now