නවවෙනි වර්ෂාව

295 39 1
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕
__________________________________________
                                       
                 

       "හැපී බර්ත් ඩේ ටූ යූ...
        හැපි බර්ත් ඩේ ටූ යු...
        හැපි බර්ත් ඩේ ඩියර් බුබ්බෝ..

"යුවීහ්...  !!!"

       " හැපි බර්ත් ඩේ ටූ යූ .. "

                                         
                                        පුංචි එකාට බුබ්බා කියපු නිසා, යෙවිස්ගෙයි ලොකුගෙයි ඩෙත් ග්ලෙයාර්ස් මැද්දේ,   මාස අටක බණ්ඩියත් උස්සගෙන මං යුවීන් මැණිකගේ පුංචි අතකින් අල්ලගත්තේ,  මේසේ උඩ තිබුනු කේක් එක කපන්න.. අද මගේ වස්තුවට අවුරුද්දයි.. සතුට කොයි තරම්ද කියනවනම් ඇස් වල තෙත කොයි තරම් පිහිදැම්මත් අද මගෙ ඇස් වලට කදුළු පිරෙන්නෙ උල්පතකින් වගේ... සම්පුර්ණ අවුරුද්දක්ම මගේ පුංචි පුතු එක්ක ආදරෙන් ගෙව්වා කියලා දැනෙද්දී හිතට එන ආඩම්බරේ කියාගන්න වචනත් නෑ මට...

"හැපී බර්ත් ඩේ මගේ රන් කදට... "

මං ඇගිල්ලක තවර ගනිපු අයිසින් ටිකක් පුතුගේ චූටි තොල් අතරින් තිව්වේ එයාගේ රෝස කම්මුලක් හයියෙන් ඉබින ගමන්...

👶 "අම්මම් මා... ආආආ ... යම්.. යම්ම්...  "

මං එයාට කේක් කවනකොට පැටියත් ඉතින් නිකන් හිටියේ නෑ.. අත් දෙකෙන්ම එයා ඉස්සරහා තිබුනු කේක් එක හොදට පොඩි කරලා ඒ ගෑවුණු අයිසින් මගේ දිහාට දික් කරේ කේක් රසයි කිය කියා.. යම්...යම්.. තමා ඉතින්.. මංනේ හැදුවේ.. ආය ඉතිම් මට බැරි දෙයක් තියෙනවද මං අහන්නෙ මේ ලෝකේ...

"ම්ම්ම්..සසයි.. ගොඩාක් සසයි.. ආ ඔයත් කන්න..  "

මං තව අයිසින් චුට්ටක් පැටියට ලෙවකන්න දුන්නම ලොකූ ඇවිත් පුතුව වඩාගත්තා..

👶  "අබ්බාආඅ.... "

කොල්ලා අයිසින් ගෑවුන අත් දෙකම ලොකූගේ මූණෙ ඇතිල්ලුවා... ඒ තමා ඉතින් එයා, එයාගේ ආදරේ කියන විදිය.. මූණ පුරා වැවුන රැවුල නිසා කොල්ලට  හරියටම ලොකූගෙ කට තියන තැන හොයාගන්න බැරි වෙන්න ඇති..

"ම්ම්... තැන්කූ..  කේක් සසයි.. දැන් බබාගේ තෑගි බලන වෙලාව... "

රැවුලේ ගෑවුන අයිසින් දිවෙන් ලෙවකාලා ගන්න ගමන්, ලොකූ පැංචව උඩ ද දා කියනකොට යෙවිස් එලියේ ඉදන් රැපින් කරපු ලොකූම ලොකූ පෙට්ටියක් උස්සන් ආවා.. අප්පච්චිලා දෙන්නා සියොත්තුඩුවේ ටෝයි ෂොප් එකම හිස් කරලද කොහේද් මට පේන හැටියට... ලොකු අප්පච්චිලත් එයාලා පුතුට ගත්තු තෑගි අරන් කොල්ලව වට කරගන්නකොට දර්ශනපතයට හානි වුන හින්දා මං දැගලුවේ වාඩිවෙලා හිටිය සැටියෙන් නැගිටගන්න.. ඒත් කොහේද?? දැන් මගේ බඩ හරියට කළ ගෙඩියක් වගේ.. ඒ හින්දමද මන්දා වෙලාවකට කොන්ද රිදෙනවා සෑහෙන්න.. වෙනදා වගේ කඩිසරකමට ඇවිදින්න, නැගිටින්න, වාඩිවෙන්න එහෙම චුට්ටක් අමාරුයි මට..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now