විසිඅටවෙනි වර්ෂාව

578 61 52
                                    


                                                    දවසක් අලුතින් පටන් ගන්න හොදම විදියක් හොයනවනම්, ප්‍රාර්තනා කරන්න හීනයක්වත් දකින්නැති නැති ගැඹුරු නින්දක ඉදලා ඇස් අරින තත්පරේ තමන් ආදරේ කරන කෙනාගේ මූන දකින්න ලැබෙන්න කියලා.. හරියට මට වගේ.. ඊයේ රෑ ඔහේ ඇරලා දාපු ජනෙලේ බීරළු තිරෙන් බේරිලා ආව ඉර එලියට දිලිසෙන මේඝගේ ලා දුඹුරු කම්මුලක් දිහා බලාගෙන ඇස් ඇරපු මම හිමීට ඒ කම්මුලේම හාදුවක් තිව්වා...  තැනින් තැන ඉදීගෙන එන සුදු රැවුල් කොට ඒ මැදිවියට ලං වුන කම්මුලට ගෙනාවේ මහා අමුතුම ලස්සනක්.. මහා ආඩම්බර පිරිමි කමක්... කවුද කියන්නෙ මගේ හබී වයසයි කියලා.. එහෙම කියනවනම් ඌට ලෙඩක්.. ගොබ්බ හිපාටුවා... ම්ම්ම්හ්හ්.. මගේ ෂුගර් ඩැඩියා ෆට්ට හැන්ඩ්සම්.. සෙක්සි.. ලෝභකමට ඒ කම්මුල් දෙකම පොඩිකරලා ඉබල ඉබලා දාලා හිමීට ඔලුව හරවලා බැලුවේ සුදු පාට තීන්ත ගාපු බිත්තියෙ කැපිලා පෙනුන කළුවර ලීයෙන් කැටයම් කපාපු  ඔරලෝසුව දිහා.

හය හමාරයි .. පරක්කුයි.. ඒත් ආදරේ උතුරන හොට් ඇන්ඩ් සෙස්සී රැයක් ගෙවුන දාට , මේ පරක්කුව මටයි මේඝටයි දෙන්නටම හුරුයි.. උනුහුමට තුරුල්වෙලා ඉදපු මේඝගේ දරදඩු අත් අස්සෙන් එලියට බඩගාලා ,  හෙළුකොටු ඇගට බිම වැටිලා තිබුනු එයාගෙම ෂර්ට් එකකුත් පටලවගෙන මම හිමීට පල්ලම් බැස්සෙ බාතෲම් එකට.. කියලා අන්නගත්තා වගේ නෙමෙනේ කොහොමත් පස්සට එන වේදනාව.. හනේව්.. කොන්දට අතකුත් ගහන් මහා අම්මණ්ඩි වගේ මං නිවී හැනහිල්ලෙ දත් ඇන්ද මදින්න ගත්තේ කැම්පස් යන්න තියෙන්නෙ අටට නිසා... ඒ වෙලාව ඇති මටයි මේඝටයි කන්න දෙයක් හදලා හිමීට ලැස්ති වෙන්න..


අපි මේමයි දත් මදින්නෙ දත් මදින්නේ දත් මදින්නේ..
අපි මේමයි දත් මදින්නේ උදේට රෑට...

ඊඊඊඊඊඊඊ...

ඕ තීන්නේ සස්සනට..  පන දාගෙන පස්සත් වන වන මැදගත්තු දත් ඇන්ද සුදට දිලිසෙනවා දැක්කම මට හෙන සතුටුයි හනේව්... ලස්සනට ඉන්න එපැයි අනේ මොනා නැතත්.. බාතෲම් එකේ නටන්න පුලුවන් වන්නම් ඔක්කොම නටලා උඩින් පල්ලෙන් මූන කට හෝදන් තිබුනු බර ඔක්කොමත් හෑල්ලු කරන් ඇදන් උන්න ෂර්ට් එකටම යටින් බොක්සර් එකක් දාගත්තා වැඩි හොදට. හොල්ල හොල්ල උයන්න බැනේ. වැරදිලාවත් මක්ක හරි අහුලන්න  නැමෙන්නෙවත් කෝමද. ලැජ්ජයිනේ. ම්හූක්ක්. ඔක්කොම කරන් මම කිචන් එකට යනකොට මගේ හබීබියා ඇහැරිලා කිචන් එකේ.. හනේව්..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now