සිව්වෙනි වර්ෂාව

299 48 1
                                    

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________




"ටහුඩු... අදුරගන්නත් බැරි වුනා.. මේ අපේ පූස් වැඩකාරිනේ... 😂"

උදේ පාන්දරින් මහ ගෙදරට ගොඩවෙද්දිම ඇහුණු නිවානයගේ ටින් බෙලෙක්ක වොයිස් එකට මට පොලොව පලාගෙන යන්න හිතුනා.. ගොන් බූරුවා වගේ සුදු අම්මගේ ඉස්සරහම කෑ ගැහුවා මදිවට කියපු නමේ කැත ඇහුණම මට හිතුනේ උගේ ඔලුව ගිහිල්ලා කොමඩ් එකක ඔබන්න.. ඇට නැති බූවල්ලා, කිටී මේඩ් ඩ්‍රෙස් එකට අච්චර හුරතලේට, සස්සනට හිටිය මට පූස් වැඩකාරිලු.. හහ්

"මකබෑවියන් ටෝ උට්ටා...ටොගේ ආච්චිට රයිස් ගරන්ඩ.. ටො.. &$##%%%#% ##%%3#% $3#%%&&"

හිතට ආව කේන්තියට සුදු අම්මට ඇහෙන්නෙත් නැති වෙන්න නිවාන්ගේ කණට, රාජකීය වදන් සෙට් එකක්ම කොදුරලා මං ගේ ඇතුලට රිංගුවේ යුවීන්ව සදෙව්මි අක්කට බාර දෙන්න..
පැයකට දෙකකට නෙවෙයි මුළු දවසටම..
මං කලින් හිතුවේ යෙවිස් එක්ක ඩිස්ඩි ඩිඩිං කරාම, සති ගාණක් තිබුනු බඩේ අමාරුව නිට්‍ටාවටම හොදවෙයි කියලා උනාට, කියන්න සතුටුයි උදේ නැගිටිද්දී මට හිතුනේ මං මැරෙයි කියලා.. තිබ්බ ලෙඩේ ඩබල් වෙලා මට අපාය මැවිලා පේනකොට තවත් යුවීන් මැණිකගේ වැඩ ටික කරගන්න පණක් ඇගේ ඉතුරු වෙලා තිබ්බේ නෑ...

"මොකෝ යකෝ මේ මැරිලා වගේ...?? "

අක්කිගේ ඇදෙන් බබා තියලා, සොම්බියා වගේ දෙපැත්තට වැනි වැනි එනකොට, ආයේ නිවාන් මගේ ඉස්සරහට ආවේ තඩිම තඩි කිරි කෝප්පෙකුත් උස්සන්..
සික්,
මොකට සුදු අම්මා මේ කාණු කටාට මෙච්චර හොදට සලකනවද මන්දා.. ඒකනේ මුගෙන් බේරෙන්න බැරි.. කොච්චර තිබ්බත් මීයා ගුලටම ඇදෙන්න වගේ මූත් නිවාඩුවක් ලැබුන හැටියේ සත්දිරුවට රිංගනවා...

"නිකන්... ම්හ්හ්හ්හ්හ්ක්ක්ක්....
මගේ බඩ රිදෙනවා.. "

මං කිව්වෙ නිවාන්ගේ ඇගට බරවෙලා.. ඇත්තටම මං හිටියේ කෙලින් හිටන් ඉන්න පුලුවන් තත්වෙක නෙවෙයි.. කවුරුහරි මගේ බඩ ඇතුලින් හාරනවා වගේ දැනෙන වේදනාව හින්දා මං හිටියේ ෆේන්ට් වෙන්න ඔන්න මෙන්න ..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now