තිස්වෙනි වර්ෂාව

295 50 38
                                    

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි
❣️💕

Episode 30
_________________________________________

"භරණා...හ්.."

ඉවසීම  නැතිවුන මම නහයෙන් ඇඩුවා..

"මේ එන්නෙ අහස්නට එයාගේ ජීවිතෙ නැතිවුන ලොකුම හේතුව සුදු මහත්තයා.. කොටින්ම ඒ කතාවේ ඉරණම ලිව්වෙ මේ මනුස්සයා.. මේ යකා හින්දා තමයි සත්දිරුවට පෙරේත බැල්ම වැටුනේ.."

"භරණා !!!..."

මං හිතන්නෙ මට මතක් වුනා.. මගේ කතාව වෙනස්ම විදියකට ලියැවෙන්න මූලිකම හේතුව තෙදැස්වත් වෛශුවත් නෙවෙයි.. ඒ තෙදැස්ව සත්දිරුවට එවපු එකා...

ඇත්තටම මේ එන්නේ  මම හිතන කෙනානම්,
මගේ පිලිකුල වැඩිවුනා..

" මේ අහනවා ලමයා සල්ලි වලට හැමදේම යටයි.. මට ඕනිනම් මේ ගමම සල්ලි වලට ගන්න පුළුවන්.. මං අද මේ ගමේ නවතිනවා.. ඒ විතරක් නෙවේ උබව රෑට මගේ ඇදටත් ගන්නවා"

දැක්ක දවසෙම වහ වැටිලා අහස්නව ඇදට ගන්න හීන දැකපු ඒ අසහනකාරයාගේ වචන...

සතීන්ද්‍ර ... සතීන්ද්‍ර ආනෝල්ඩ්..

සත්දිරුව මායිමේදිම සීමා තහංචි වැටුන,  කවදාවත් සත්දිරුව දෑහින් නොදැක්ක, ඒත් සත්දිරුවට එන්න පුලුවන් උපරිම වෙර දරපු සතීන්ද්‍ර ආනෝල්ඩ්... මම දන්නවා තෙදැස් ගමට ආවේ සතීන්ද්‍රගේ උවමනාවට කියලා.. හැබැයි මම දන්නවා අහස්නගේ කතාවට සතීන්ද්‍රගෙ සම්බන්ධය මම දන්නේ හරිම ටිකයි කියලාත්.. සතීන්ද්‍ර ගැටුනේ අහස්න එක්ක නෙවෙයි.. තෙදැස් එක්ක..

"සතීන්ද්‍ර..  ඌද ...?? ඌද භරණා මේ කැම්පස් එකේ ඩීන්.."

සින්නෝ ඇතුලට ආවේ ඩීන් එනවා කියාගෙන නම්, ඩීන් වෙනුවට ඇතුලට එන්නේ සතීන්ද්‍රනම්, මගේ තිබුනු එකම ප්‍රශ්නේ  ඒ වගේ පව්කාරයෙක්ට කැම්පස් එකක තරුණ  ලමයින්ව භාරදුන්න පිංගුත්තර මීහරකා කවුද කියන එක. දවසට කෙල්ලො කොල්ලො කීයක් ඇස් වලින් දූෂනය කරනවද දන්නෑ පාහරයා.

"මම හිතන්නේ නෑ සුදු මහත්තයා.. මේ දිහාවෙන් කුනු ලේ කුයිලයක් දැනුනේ අදමයි මට.. "

You've reached the end of published parts.

⏰ Last updated: Apr 16 ⏰

Add this story to your Library to get notified about new parts!

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now