විසිතුන්වෙනි වර්ෂාව

441 60 2
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

____________________________________________

වසර දෙකකට පසු...

--------------------------------

                  * කලම්බෝ මෙඩිකල් ෆැකල්‍ටි... *

මං ලොකු හුස්මක් එක්ක කියෙව්වෙ අද උදේම මට ලැබුනු ලියුමේ අන්තිම පේලිය... මගේනම් නෙවෙයි ඒත් අහස්න මේඝ දෙන්නා එකට දැකපු හීනයක්.. තුන් හිතකවත් මගේ කාඩියෝලොජිස්ට් සර්ජන් කෙනෙක් වෙන්න අදහසක් තිබුනෙ නැතත් මේඝ හින්දා ඒක මං මගේ ඉලක්කයක් කරගත්තා.. අද ඒ හීනෙ ප්‍රතිඵල තමා මගේ අතේ තියෙන්නෙ...

ජීවිතේ එක කඩයිමක් නම් ඉවරයි... ඒත් අනිත් කඩයිම....

*ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවේ*

ඒක මං ඉගෙන ගත්තෙ අහස්නගේ ජීවිතෙන්.. ආයෙ මොකක් හරි කුණ්ඩවාලියක් ඔලුවට කඩාපාත් වෙයි කියලා බයේ මේඝ මාව හොයන් ආව ගමන් අල්ලලා කසාද බැදගෙනත් අදට අවුරුදු දෙකක්.. පුංචි මගුලක් ගමේ අය එක්ක අරගෙන මේඝ එක්ක ආරච්චි ගෙදරට දීග ආවත්,  කියන්නත් බොහොම ජුකයි
අදටත් මට හනිමූන් එකක් නැ.. හූම්ම්

*තාම ඔයා චූටියි මැණික*
*තාම ඉගෙන ගන්නවනේ...*
*හරි හරි විස්සක් උනාමවත් බලමුකෝ*

ඕන් ඔහොමයි ඒ පුරුස පරාණෙ මට සැළකුවේ.... මං ඇහුවම ඔයා අහස්න එක්ක සෙස් කලේ අවුරුදු දාහතෙන් නේද කියලා ,
මේ මිනිහා කියාපි..

"ඒ අහස්නනෙ.. ඒත් ඔයා අහස්න නෙවෙයිනේ... ඔයා අහසිදු.. කවුද අ.හ.සි.දු.. "

යැයි යැයි යැයි තමයි...  මගේ වචන වලින් මටම දමා ගැසීම කලාවක් නම් මගේ මිනිහා ඒකේ පිකාසෝ... හුම්ම්... ඒත් තවදුරටත් ඒම වෙන්නෑ...

බුහ් හහ් හා...

මොකද ,

මං දැන් කැම්පස් සිස්සයෙක්...

ඒ කියන්නේ

මං දැන් ලොකුයි...

මේ තමයි අම්මා උගන්නපු හැට හතර යූස් කරන වෙලාව...

හහ් හා...

හැබැයි ඕකට තව කාරණේකුත් එන්න ඕන ඇත්තටම..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now