අටවෙනි වර්ෂාව

274 38 1
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

__________________________________________

"අප්පච්චී... "

"ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"ඔයාටයි මටයි ලෝක නඩුවක් වැටෙන්න යන්නෙ... "

"අපොයි අර මොකද??"

"ඔයාගෙ අයියා මිදුලට වෙලා බලන් ඉන්න විදිය මට එච්චර අල්ලන්නෑ... "

මං කිව්වේ ගුරු පාරෙ ඉදන් වෙද ගෙදර හැරෙන තැන උඩ කඩුල්ල අයින් කරන ගමන්.. මාස පහක් උන රවුම් බණ්ඩියට යටින් අතක් තියාගෙන මං පරිස්සමට යට කඩුල්ලෙන් එහාට අඩිය තිව්වේ අප්පච්චිගේ අතකට වාරු වෙලා.. මං දැම් ඉස්සරට වඩා සුට්ටක් පරිස්සම් ඉතින්.. ඇදුම් ගලෝලා ඉන්න වෙලාවක පහල බැලුවම මගේ සංඩිංගවත් පේන්නේ නැති ගාණට බණ්ඩිය ඉස්සරහට ඇවිත් හින්දා මං අඩියක් අරන් අඩියක් ඉස්සරහට තිව්වෙත් හරි කල්පනාවෙන්.. හදිසියෙවත් පල්ලෙහා තියන එක ගලවන් වැටුනොත් එහෙම පේන්නෙවත් නෑනේ දෙයියනේ... මං ඔහේ මග දාලා යයි.. පස්සෙ සූ දාම්න ගියාම සුකුටු බුකුට්ටා අසරණ වෙනවනේ. ම්හුක්...

ඒත් ඇත්තම කතාව,

මට දැන් මගේ පුතුව දැනෙනවා... එයා මගේ ඇග ඇතුලෙ දගලනවා, වෙලාවකට අම්මා මුත්තා මතක් වෙන්න පයින් ගහනවා.. ඒත් ඇදුණු සුදු පාට හම උඩින් යාන්තමට එයා එහෙ මෙහේ වෙනවා පෙනෙද්දී මට දැනෙන ආදරේ කියාදෙන්න වචනත් නැතිතරම්..

"හරි ෂෝක් අප්පලා පුතාලගෙ වැඩ.. මේ ගිණි මද්දහනේ බඩදරු කොල්ලව අරන් බැදිගාණේ යන්නෙ , පිස්සුද මල්ලී.. "

මායි අප්පච්චියි මිදුලට අඩිය තියනකොටම ලොකු අප්පච්චි සැරදැම්මා.. පන්සලට ගිහින් එනගමන් හොරාට බැද්දෙන් ඇඹුල් පේර කඩන්න ගිය ගමන මෙයාට මාට්ටු උනේ කොහොමද මන්දා.. මායි අප්පච්චි දකුණ බලා වම බලලා කවුරුත් නෑ කියලා හොදටම ෂුවර් කරගෙනනේ බැද්දට රිංගුවේ..

"අයියෝ මේ අර ලන්ද ගාවින් පේර චුට්‍ටක් කඩා ගත්තා එන ගමන... බැද්දට ගියේ නෑ මං දරුවත් එක්ක... 🥺"

ඇගට පතට නොදැනෙන්න චූටි බොරුවක් කියන ගමන්, අප්පච්චි කකුලේ මහපටැගිල්ලෙන් බිම ඉරි ඇන්දේ හොර පූසෙක් වගේ ලොකු අප්පච්චි දිහා බල බල.. එයාටත් පුලාන් මං වගේම ලස්සනට පපී අයිස් ඇක්ෂන් එක දාන්න.. මං තරම් සුකුටු බුකුටුවට පෙනුනේ නැතත් එයාට තාම ලොකු අප්පච්චිව එක බැල්මෙන් ටැකල් කරන්න පුලාන්..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now