Episode 25
❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕___________________________________________
හරි අයියේ.. ඒක හොදයි. ඔව්.. "
මේඝ කියවද්දි මං කම්මුලේ අත ගහගත්තා.. හැයි අනේ.. මාමණ්ඩියට නේද මේ අයියා අයියා කියන්නෙ.. යසයි මෙයාලගේ නෑකම් කිවිල්ල.. මෙයාට උගන්නන්නෝන හෙට ඉදන්වත් අපේ අප්පච්චියලට මාමේ කියන්න.. හැබැයි එතෝට ඒක අහලා යේස්ට පපුවෙ අමාරුවක් එයිද දන්නෙත් නෑ.. යේස්ට කෙසේ වෙතත් මගේ ඔකූට.. හනේ අම්මේ ඉතිම්, මගේ හබියා මගේ අප්පොච්චිටත් වඩා වැඩුමල්නේ දෙයියනේ...
"හා එහෙනම් එහෙම කරමු.. මං මෙයාව අරන් යන්නම්..."
අප්පච්චි එක්ක මොන මොනාදෝ කියවලා මේඝ කෝල් එක කට් කරේ , එයාගේ සාක්කුවෙන් කළු පාට පටියක් ඇදලා ගන්න ගමන්...
"ප්ලෑන් එක වෙනස් උනා.. ඉතින් ඔයා ලෑස්තිද සුදු..."
මේඝ ඒ පටියත් අරන් මට ලංවෙද්දිම, මං ඒකගෙ අතට ගැහැව්වා..
"රන් අයියේ මේ ඕවට නම් එන්නෙපා හරිත..."
ඇස් බැදලා මාව කිඩ්නැප් කරන්න එච්චර ලේසි නෑ හලෝ.. හහ් . හිතේ ඇති මං ඕවට රැවටෙයි කියලා. අපේ අම්මියා චූටි කාලෙමයි මට ඉගැන්නුවේ මොකෙක් හරි ඇස් බදින්න ආවොත් උගෙ ඇ# දෙක පුප වටේ කැරකෙන්න නෙලහන් කියලා.. අනික මං වැඩිය ආසත් නෑ සර්ප්‍රයිස් වෙන්න.. ඔව්වා හරි කරදර වැඩ..
"මොකටද ලමයෝ.. විකාරද.. කෝලං නොකර මෙන්න මේ ටයි එක බැදගන්නවා. අපි කැම්පස් එකට ගිහින් ගෙදර යන්නේ ."
හරිනේ.. කෝමද ඒ වෙච්ච නෝණ්ඩිය. රන් අයියා එයාගේ සක්කුවෙන් ගත්තු කලු පාට ටයි එක මගේ උකුලට දමලා ගහනකොට මං ඒක අරන් ඇස් දෙකට තියන් කුරිරු ලෝකෙන් හැංගුනා. ලැජ්ජයිනේ අප්පා.. මං හිතුවේ මගේ හබියා ඇස් වහලා මාව සප්‍රයිස් කරන්න හදනවා කියලා.. කවුත දන්නෙ බෙල්ලෙ ටයි පොල්ලක් බදින්නයි එයා ඒ ප්‍රයාම කලේ කියලා.. හුම්ම්ම්.. ඒ අස්සෙ මල මගුලයි.. දැන් අපි කැම්පස් එකට යනෝලු.
"හිහ් ... බලන්නකෝ නේත ඒකෙත් හැටි... "
මං දත් තිස් දෙකම පෙන්නලා රන් අයියා එක්ක හිනාවෙලා ටයි එක අරන් බෙල්ල වටෙ දාගත්තා.. හනෙ හනේ දැම් ඉතින් මේක මුලු ජීවිත කාලෙම බෙල්ලෙ එල්ලන් ඉන්න එපැයි.. වෙන්න ඩොකාලා හින්දමද මන්ද කැම්පස් රෙජිස්ට්‍රේෂන් එකටත් ඔෆිස් වෙයා ඇදලා එන්න කියලා එවපු ලිවුමෙම කොනක ලොකුවට ලියලා තිබ්බා.. විකාර.
YOU ARE READING
වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටස
Romance❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න