දහවෙනි වර්ෂාව

298 34 2
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________


**පරිත්තං යං භණන්තස්ස
නිසින්නට්ඨානධෝවනං
    උදකම්ප විනාසේතී
සබ්බමේව පරිස්සයං
    සොත්ථිනා ගබ්භවුට්ඨානං
යං ච සාධේති තං බණේ..
     ථෙරස්සංගුලිමාලස්ස
ලෝකනාථේන භාසිතං
     කප්පට්ඨායි මහාතේජං
පරිත්තං තං භණාමහේ..**

කාමරේ ඇතුලේ පැතිරිලා යන පිරිත් හඩට කන්දීගෙන මං අතේ තිබුනු නිල් පාට චුට්ටං ඇදුම් පොඩියේ කොල පාටින් ඇට කෝටු බබෙක්ව මැහුවා.. ඔලුව ජපන් කද ජර්මන් කකුල ඉතාලි උනාට මොකද ඌ ලස්සනයි...හුම්ම් මංනේ මැහුවේ.. මට ආඩම්බරයි ... ඒ මදිවට  දැන් මාස නවයයි මගේ බණ්ඩියට..  කොයිම හරි වෙලාවක පැටියා අපේ අත් වලට ඒවී.. ස්කැන් නොකලට පුතු පැටියෙක් කියලා දන්න හින්ද, දැන් තියාම මුළු කාමරේම නිලෙන් සරසලා ඉවරයි මම.. සුදු අම්මා මහලා ගේන, නිල් පාට සුදු පාට චූටි ඇදුම් වල මං  එක එක පාට නූලෙන් විකාර මහන්න පුරුදු වුනේ පැටියට මගෙනුත් මොනා හරි තියෙන්න ඕනෙ කියලා හිතුන නිසා.. එයා ඒවා ඇන්දම ලස්සනට ඉදී... ඒත් අර ගෝට යෙවිස්නන් කිව්වෙ මොන්ටිසෝරි බබාලත් මට වඩා හොදට ඇටකෝට්ටෝ අදිනවලු... දවසක් මං බලු පැටියෙක් මැහුවම ඒක අරන් මේ එළුවෙක්ද කියලත් ඇහුවා හුම්ම්ම්... හැයි අප්ප ඉතින් මං මහන්න දන්නෑනේ.. මෙහෙම හරි ඉදිකටුවක් නූලක් ඇල්ලුවා මදිද මං අහන්නෙ..

            
    "යතෝ' හං භගිනි අරියාය ජාතියා ජතෝ නාභිජානාමි
      සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා,
තේන සච්චේන සොත්ථි තේ හෝතු
      සොත්ථි ගබ්භස්සා'ති..."

අංගුලිමාල පිරිතේ අන්තිම ගාථා කොටස් , පිරිත් සජ්ජායනා කරන හාමුදුරුවෝ එක්කම කියලා මං දෝතින්ම මගේ බඩ අත ගෑවේ මගේ පැටියට තුන් රුවන් සරණම ප්‍රාර්ථනා කරලා.. එයා පරිස්සමට මේ ලෝකෙට ආවොත් මට ඒ ඇති.. මං දන්නවා ඩිලිවරි එක මට ලේසි වෙන්නෑ... මීට කලින් පිරිමි කෙනෙක්ට දරුවෙක් ලැබිලා නැති නිසා වගේම ඒක කොහොම මට බලපායිද කියලා දන්නෙ නැති නිසා, මං නෝමල් ඩිලිවරි එකකට යනවට ලොකු අප්පච්චි කැමති උනේ නෑ.. ඒ හින්දා එයයි සදෙව්මි අක්කයි බබුව සිසේරියන් එකකින් එලියට ගන්නෝ කිව්වා.. ලබන සතියෙ ඔපරේෂන් එකට ඩේටුත් ෆික්ස් කරලා තියෙන්නෙ..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now