විසිහයවෙනි වර්ෂාව

513 80 11
                                    

Episode 26
❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

____________________________________________

මහා මගුලක් උනානේ මේක.. කොහෙන්ද ආපු භූත අංකලයෙක්, යුවීන්ට හිතින් දෙස් තිය තියා ගල් ගෙඩියක් වගේ මුන හදන් උන්නු මගේ ඇගේ හැප්පිලා, අසරණ මාව  බිමටත් පත බෑවුනට පස්සෙ මට පාර බලන් යන්නලු.. ඒ අස්සේ වටේ ඉන්න උන් හිනාවෙනවත් එක්ක.. හරිම මාංජමිකයි. නොසන්ඩාලයි.. මනුස්සයෙක්ට කරදරයක් උනාම හිනාවෙලා හරියනවද මං අහන්නේ.. ඊටත් මං වගේ කියුට් හැන්ඩ්සම් කොල්ලෙක් වැටුනම.. වඩන් එපැයි නැගිට්ටවන්න.. හහ්.. මුන්ට කිසිම සංවේදිතාවයක් නැද්ද කොහෙද??  මං වටේ හිටපු ගෝතයන්ට අළුවෙන්න සවලා, හැප්පුනු අංකලයටත් දෙකක් කියන්න ඒ දිහා බලනකොට, මං දැක්කේ දන්න කියන ඇස් දෙකක්...

"ග්.. හ්.. ග්...ගො...ති.. ර..."

මට මිමිණුනා ..  ඒ ගොතිර.. මගේ මතකේ අදටත් අලු කරන මාව අමු අමුවේ විනාශ කරපු ඒ පාහර මූන, එදා තරම් තරුන නොවුනත් මට අදුනන්න පුලුවන්...  මං එදා  වැද වැටුනේ මේ ඇස් ඉස්සරහා, අනේ මාව අතෑරපන් කියලා නොවදිනා වැදුම් වැන්දේ මේ ඇස් ඉස්සරහා.. මට මතකයි මේ ජරා ඇස් දෙක එදා මට හිනාවුන හැටි... මැරිලා ඉපදුනත් අදටත් අමතක කරන්න බැරි ඒ වේදනාව මට දුන්න හැටි... අදටත් රැ හීනෙන් ගැස්සිල ඇහැරෙන තරමට මගේ ජීවිතේ අපායක් කරපු ජරා ආත්මේ ආයේ මගේ ඇස් ඉස්සරහට එනකොට අනේ මාව අඩපණ උනා.. ඒ මතක එච්චරටම ප්‍රභලයි.. ඒවාට මම බය තරම කොච්චරද කියනවනම් මාව ගොතිර ඉස්සරහා කෙහෙල් දල්ලක් වගේ වෙව්ලූවා.. ඇස් දෙකෙන් කදුළු හෝ ගාලා ගලනවා.. මං දන්නෙ එක දෙයයි.. මට එතන ඉන්න බෑ.. මං දුවන්න ඕනෙ . රන් අයියා ලගට.. අම්මි ලගට.. අප්පච්චිලා ලගට... මට හැංගෙන්න ඕන එයාලා ලග කාටවත් මාව හොයාගන්න බැරිවෙන්න.. කෑ ගහන්න ඕනෙ අනේ මාව බේරගන්න කියලා..

ඒත්...

"කෝ දරුවෝ නැගිටින්න.. "

මං අදුනන ඒත් මාව නාදුනන ගොතිර ඇල්ලුවේ මගේ අත.. බෑ .. එපා.. මගේ ඔලුව ඇතුලේ හෙණයක් පිපුරුනා.. එදා ඒ බහිරව කන්ද පාමුල මහ කැලේ උතුරාපු වැස්ස මට මතක් උනා.  එදා අහසේ පුපුරපු අකුනු.. සොභාදහමට, මම ඉපදුනු බහිරව කන්දටත් දරන්න බැරි උන අපරාදේ.. අනේ උන් මාව නැති කලා.. බෑ. බෑ.  ආයේ අල්ලන්න දෙන්න බෑ.. එපා.. මං ආයේ ඉපදිලා ආවා.. අපිරිසිදු කරන්නෙපා...එපා.. මූසලයා.. තොට බෑ මාව අල්ලන්න..එපා..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now