මේඝ

256 46 9
                                    


❤️❤️❤️❤️❤️❤️❤️❤️

මම මේඝ.....
අහසටම විතරක් පෙම් බැදපු මේඝ වළාකුල මං...
එකම එක නිල් පාට ඇස් දෙකක් ආත්මයෙන් ආත්මය හොයාගෙන ආව මාරුතය මං..
ලං වෙන හැම වාරෙම වේදනාවෙන් වෙන් වෙන්න උරුම උනු පව් කාරයා මං.. 

උබ නැති ජීවිතේ මහා වේදනාවක්...
හැමදාම හුස්ම හිරකරන මතකයක්..

හිත හදාගත්ත හැටි පුදුමයි උඹ මාව දාලා යන්න...
ඊට වඩා පුදුමයි උබත් ලග නැතුව මං ජීවත් උන එක...

අහස්න... අවුරුදු දහ අටක්...
මගේ කදුළු වලින් කොට්ටෙ නොතෙමුණ දවසක් නැතුව ඇති..
උබ මතක් වෙන හැම මොහොතේම පපුවම පිච්චුන හැටි දන්නෙ මායි උඩ ඉන්න දෙයියොයි විතරක්ම වෙන්න ඇති...

අහම්බෙන් එයාව දකිනකම්...
උබේ නමට වෙන් වුන හිත නොහෙල්ලිම තිබ්බා සත්තයි...
සමාව දෙනවද ඒ දගකාර ඇස් ඉස්සරහා තත්පරේකට හරි දැපනේ වැටුනට..
මාත් මනුස්සයෙක් මැණික..
උබේ නීල ඇස් ඒ...
දන්නෙ නෑ ඒ දගකාර පොඩ්ඩට කොහෙන්ද??
ඒත් මං සසරෙම නැවතුන නිල් මැණික් ඇස් දෙක ඒ...

සමාවෙයන්..
උබේ මතක හින්දම මොහොතකට මාව අතරමං උනා...
ඒත් දිව්රන්නන් ,
කොයි තරම් හුරුබුහුටි හුරතල් පොඩි එකෙක් උනත් එයා,
උබට වෙන් කරපු හිත නම් එයාට දෙන්නෙ නෑ මං...

උබ නෑ කියලා ද්‍රෝහි වෙන්න පුලුවන්ද මට...
නොපෙනෙන ඉමක ඉදන් බලන් හිටියොත් රිදේවි උබට..
මං දන්නවනේ මගේ ඉරිසියාකාරයගේ තරම...
පුපුර පුපුරා තරහා වේවි, මාත් එක්ක හැම මොහොතෙම...

මං බැන්නා ඒ පොඩි ඇට්ටරයට...
කමක් නෑ නේද චුට්ටක් රිදෙව්වට...
නිල් පාට ඇස් බෝල කරක කරක ආදරෙයිලු මට...
දුක නොහිතෙනවා නෙවෙයි පුංචි දරුවෙක් හින්දම...
ඒත් උබ ගාව, මොන මැණික් කැටයත් තිරුවාන විතරයි මට...

අද ඇවිත් මාව බලන්න වැඩ කරන තැනටම..
බෑ ඌ ලගින් ඉන්න නිල් ඇස් දෙක හොල්මන් කරනවා මාව..
බොරු මීටිමක් කියලා මග ඇරලා ආවත් ,
එහෙම යන එක හරි නෑ නේද පොඩි දරුවෙක් තවම..
පාරවල් පුරා හෙව්ව මම දග බෝලෙව.. කොහේට ගියාද කියලා එක තත්පරේට...
බේරගන්න අප්පච්චියෝ කියලා බෙරිහන් දුන්න හඩ...
ඇහෙනකොට නතර උනා හදවතම මොහොතකට..
මතක් උනේ අදුරුම මතකයක් පැටියට වෙන දේ දකිනකොටම..
උබ වගේම අසරණ වෙලා සල්ලාලයෙක් ගාව... දකිනකොට ලේ කකියන්නෙ උබවම මතක වෙලා මට..
නරුමයා එක්ක ගහගෙන කොල්ලව බේර ගත්තට..
ආයෙමත් සමාවෙයන්, අඩ අඩා ඉන්නකොට උස්සන් ආවේ නලවන්න විදියක් දන්නැති නිසාම...

අලුත ආව නිල් ඇස් ඉපදුනේ අපෙ යුවිත් දගයාගෙ බඩින්ලු විශ්වාසද උබට..
මං ගැන හීන දකිනවාලු නිතරම.. හෙතුවක් දන්නෙ නෑ මම..
අහනවා දෙන්න බැරිද එකම එක අවස්තාවක්..
කොහොමද දෙන්නේ මුලු හිතම උබේ ලග..

අඩ අඩා ගියා වාහනෙන් බැහැලා...
ඔයා තරහා වෙන්න එපා මැණික තාම පොඩි එකෙක්..
හැප්පෙනවදත් මන්ද තා පොඩ්ඩෙන් ...
හොද වෙලාවට යූ පැටියා හිටියා දරුවගේ ලගින්..
සමාවෙයන් එක පාරම හිත ගැස්සුනා ටිකක්..
චපල උනා නෙවෙයි ඒ නිල් ඇස් නැති කරගන්න බයක් හිතුනා බිදක්...

ගෙදර ආවෙ දවස් දෙකකට පස්සේ
පොඩි දරුවා ඉන්නකොට එන්න නොහිතුනෙ රිදෙයි කියලමයි උබේ හිත මගෙ අතින්..
බේරිල්ලක් ඇත්තෙම නැති දග පැටියෙක් ඒ නම්..
හැමදාමත් මම තනිවුන ඇද උඩ හිටියේ චුට්ටං පැන්ඩා බබෙක් ..

මමමයි අරන් දුන්නෙ ඌට..
මං මටම සමාවක් නොදෙන දවසක..
උබටම අයිති වෙලා තිබුන මගේ තොල් උඩ බලෙන්ම තිව්ව හාදුව
දන්නවා රිද්දන්නැති උබව...
හිතුවෙවත් නෑ එහෙම වෙයි කියල ...
දිව්රන්නම් මං බැන්නා හොදට ඒකට..

අද පැන්ඩා ආයෙ මං ලග..
සුරේකුත් දාලා බෙල්ලට..
පිස්සු දරුවෙක් මේකා නම්..
හිනාවෙලා සුරෙ ගත්තේ අතට ඒ ඉන්නෙ බරණා කියලා දන්නෙ නැතුවම...

බරණා කිව්ව දිග කතාව...
ඇහුනේ එක දෙයයි ඇවිත් මට වද දුන්න චූටි පැංචා උබ බව..
ඉපදුනාලු ආයෙම,
තනි කරන්න බැරි හින්දා මාව..
ආව සතුටට බරණාව උස්සන් දිව්වා මගේ පුංචි ගෙදර පුරාම..

දන්නවා හිත රිද්දුවා කියලා හොදටම..
සමාවක් නම් ලේසියෙන් නැතිවෙයි ඇට්ටර යුවිත්ගේ පොඩි එකා හින්දම...
එත් එනවා මං උබව හොයාගෙන..
අත අත නෑර ඉන්න.. මේ සසර පුරාවට......

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️



වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now