විසිදෙවෙනි වර්ෂාව

312 45 1
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

__________________________________________

DAY 5
----------

                          මේඝගෙන් බලෙන් උදුරගෙන හැඩි කරලා දාපූ කාමරේ මං පිලිවෙලට හැදුවා... ආපහු යන්න හැමදේම හරි.. මේඝට තවත් වාතයක් වෙවී මෙහේ ඉන්න ඕනේ නෑනේ.. නිල් පාට බෑග් එක කරට දාගෙන මං බැලුවේ කළු , සුදු කාමරේ දිහා...

*එයා ඉස්සරහටත් මේකේ ජීවත් වෙ‍යි අහස්නගේ පුරුදු මතක එක්ක...මාව අමතකම කරයි..*

මං හිතුවේ කාමරේ දොර වහන ගමන්...ඒත් එහෙම කොහොමද එකාතකට..  ඇයි යකු මං කියලාත් හිකනල් පැටියෙක්ද??.. මේ මිනිහා මාවත් මතක තියාගන්නෙපැයි... ඇවිත් මෙහෙම ආදරෙයි කියලා ගියා කියලවත්..  මං ආයෙ කාමරේ ඇතුලට හිහින් මේඝගේ ඇදේ කළුපාට බ්ලැන්කට් අතරින් තිව්වෙ අපේ පැන්ඩා පුතාව..🐼 එදා මේඝගෙ අතින්ම මට අරන් දුන්නු පුංචි පැටියව මං අද එයාටම දෙනවා.. දැන් ඉතින් මේකා දකින දකින වාරෙට මාවම මතක් කරනවකෝ හුම්ම්..

                                මගේ බෙල්ලේ තිබුන බරණාගේ සුරේත් මම ගැලෙව්වෙ එකපාර හිතට ආව හැගීමකට.. ඒකත් පැන්ඩා පැටියගේ බෙල්ලට දැම්මේ මේඝගේ ආරක්ෂාව බරණාට පවරලා.. මාව එපානම් ඔච්චර ඉස්සරහට එයාව බලාගන්නත් කාරු හරි ඉන්නෙපැයි.. ඒ බක පණ්ඩිතයගේ හිත වෙනස් කරන්නත් බෑනෙ ඉතිම් මේ අහිම්සක මට... හුම්ම්...

"බයි බායි පැන්ඩා බේබි... බයි බායි බරණා... ප්ලිස් ටේක් කෙයාර් ඔෆ් හිම්.. ෆොර් මි.. "

මං දෙන්නටම හාදු දෙකක් දීලා දුවගෙන ආවෙ සේෂ් නාගයාගේ තුරුල්ලට ... එයා දන්නවා මං දුකින් කියලා... ඉතින් කාරු නැතත් මගේ අයියා හැම වෙලේම මං වෙනුවෙන් ඉන්නවා...

*****************************************

                                   "අම්මා... අප්පච්චේ.. ඔයාලාගේ සුරංගනා පැංචා ගෙදර ආවා... "

මං එයාපෝර්ට් එකේ ඉදන් ආව කැබ් එකෙන් බැහැලා බෙරිහන් දුන්නේ ගෙවල් දෙකේම මිනිස්සු එලියට දුවගෙන එනකොට... ලොකු සීයා අප්පච්චී , සුදු ආච්චි, අම්මා, යේස්, ඔකූ , සීයාප්පච්චි... හැමෝම මගෙ වටේ, මී මැසි පොදියක් වගේ එකතු වුනේ ඇත්තම ආදරේ මේ තමයි කියලා කියන්න වගේ..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now