❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕___________________________________________
DAY 1
----------"රත්තරන් ඇයි ඔච්චර ගණන්...??"
මං ඇහුවේ මේඝගෙන්.. එයා උදේට උයනවා.. සාම්ප්‍රදායික විදියට ගිහින් පිටිපස්සෙන් බදාගන්න හිතුනත් ඉල්ලන් ටිංකිරි නාගන්න බැරි හින්දා කෑම මේසෙට වාඩි වෙලා විනාඩියක් පහක් දහයක් බලන් හිටියත් එයා මාව සත පහකට ගණන් ගත්තෙ නැති නිසා, මට අහන්න ඉතුරු උන එකම ප්‍රශ්නෙ ඒක විතරයි..
"මොකද්ද?"
මේඝ මගේ දිහාට හැරෙද්දී මං දඩබඩගාලා මේසෙ උඩ තිබුන පත්තරේ පෙරල ගත්තා...
"නෑ.. මේ... මේකේ තියනවා රත්තරන් මිල ආයෙම වැඩිවෙලාලු"
මං පත්තරේ දිහා බලාගෙන හෙණ ගම්භීර ලීලාවෙන් කියලා දැම්මේ මේඝ උසම උස උණුම උණු කිරි වීදුරුවක් ගෙනත් මගේ ඉස්සරහින් තියද්දී..
"හ්ම්ම්ම්.. පත්තරේ කියවන්නෙ උඩ යට මාරු කරලා හින්දා නිවුස් එක වැරදියට පේන්න ඇති.. ඔය ක්‍රීඩා පත්තරේ... "
මේඝ කියනකොට මොනාත් නෙවෙයි මට හිතුනේ ඇම්ස්ටර්ඩෑම් පොලොව පලාගෙන ගිහින් සිරි ලංකාවෙන් ආය මතුවෙන්න.. අම්මපා ඇත්ත ඊයේ අර සේෂ් නාගයා කිව්ව කතාව.. මගේ ගොබ්බ වැඩ එක්ක මේඝට මාව පේනවා ඇත්තේ කිරි බොන බබෙක් ගණට තමා..
**ෂික් විතරක්, වස නෝණ්ඩිය...**
මං උඩ යට මාරු කරලා අල්ලන් හිටිය පත්තරේ පැත්තකට විසිකරලා කිරි වීදුරුව අතට ගත්තේ දත් තිස් දෙකම පෙන්නලා මේඝ එක්ක හිනාවෙන ගමන්. ස්මයිල් ඉන් පේන් තමා... මෙච්චර වෙලා මං එක්ක හරියට කතා නොකර ඉදලා කිව්ව පලවෙනි වාක්‍යම හරි රසවත් උනාම දැනෙන වේදනාව කියාගන්න කෙනෙක් නෑ.. මෙ වගෙ අවස්ථාවල පුප පොලේ ගහගෙන මැරුණත් මදි.. හුම්ම්.. වෙච්ච විලි ලැජ්ජාව වහගන්න, කිරි වීදුරුවත් දෝතින්ම උස්සගෙන මං කිචන් එකෙන් වාස්ප උනා.. ආයෙ ඉතින් පැයක් දෙකක් යනකම් මේඝගේ මූණ බලනවා බොරු.. මැදැයි ඉදලා ඉදලා පරිණත වෙන්න ගියා... හුම්ම්...
YOU ARE READING
වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටස
Romance❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න