03.. ඇබැද්දිය ....♟️

1K 281 232
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


semini28 ආදරණීය ඔතරි බබා.......ඉතින් හැමදාමත් වගේ අලුත් කතාවට ලස්සන කවර් පික්චර් එකක් හදලා....ගොඩාක් ස්තූතී නංගෝ......💚❤💛
.
.
.
.

" ඒ ගගා.............එනවකෝ........"

දෙවැනි මහල අසලදී කොහෙන්දෝ කඩාපාත් වුනු මියැන් ශාන්වත් ඇදගෙන ගොස් අසල තිබෙන සෝපාවකින් වාඩි වී දුරකථනයත් අතට  රැගෙන මහා ලොකු කතාවක් කියන්නට සූදානම් වුණේය......

**

" ඉක්මනින් කියනවා මට බඩගිනී ....."

ශාන් ඩෝනට් ප්ලේට් එක  ඒ අසලින් තබා අමනාපය පිරුණු කටහඬකින් එලෙසින් පැවසුවේ කොහොමත් දැන් මේ කතාකරන්නට හදන්නේ කොන්ඩයා පිළිබදව බව දන්නා නිසාවෙනි ....  සමහරවිට එහෙම නොවෙන්නටත් හැකියාවක් ඇත..... සාමාන්‍යයෙන් රහස් කතාවකට ඇය නිවසේ දෙවැනි මහල තෝරාගන්නේ නැත....ඊට හේතුව ඉතින් දෙවැනි මහලේ ඇගේ මව සහ පියාත් ජීවත්වීමයි....

" අරයා............."

ඇය සුපුරුදු ඇඹරීම සහ පැද්දීම ආරම්භ කරමින් කතාව පටන් ගනිද්දීම ශාන් ඉක්මනින් වටපිට බැලුවේ ආන්ටි ශෙරීන් ඉන්නවාදැයි සැකහැර දැනගන්නටයි .....

",මමීලා ගියානේ පපාගේ මීට්න් එකට......."

ඉතින් ශාන්  නිහඩවම මියැන් දෙස බැලුවේය ....ඇය යළිත් ඇඹරීම ආරම්භ කළේය...

" අරයා කිව්වා මේ පාර කිසිම කෙනෙක්ට නොකියා මීට් වෙන්න ක්‍රමයක් ලෑස්ති කරනවා කියලා......ඔන්න මම ඔයාටවත් කියන්නේ නෑ......."

ශාන්ගේ  කේන්තිය අසූ හාරදාහට නැග්ගත් ඔහු එය පිටතට පෙන්වන්නට ගියේ නැත......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now