28.... කරදර කාරයා.......♟️

1K 288 289
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️‍🔥❤️‍🔥

Manakalie ආදරණීය තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය තෑග්ගක් ....හැමදාමත් වගේ .....ආදරෙයි ඉතින් .....💚❤💛

.
.
.
.

එයා කොන්ඩෙ කපලා මේ වගේ යුනිෆෝම් ඇන්දොත්  .........ඈහ්.........එයා කොන්ඩෙ කපලා නං.... ඕහ්  ෂෙට් ෂෙට්............"

ඔහුට පිටුපා පොලිස්ටේෂන් එක ඇතුලට ඇවිදගෙන යන පුද්ගලයා දෙස බලාගෙන යූසේ කොණ්ඩය කැපුවා නම් මේ ලෙසින් සිටින්නට ඇතැයි සිතා ඉදිරිය බලා ගත්තත්  ක්ෂණයකින් ඉතින් ඔහු කොණ්ඩය කපා සිටිනවාදැයි යන සැකය සමග යලිත් පොලිස්ටේෂන් එක දෙස බලන්නට ගියත් පිටුපසින් නොනවත්වා ඇසෙන වාහන වල හෝන් හඬ නිසාම ශාන්ට කර කියා ගන්නට දෙයක් නොමැති වුණේය........

" ආෂ්........#ත්තෙ ලයිට් එකත් දැන්ම #මනෙනවනේ........හිටපල්ලා යකෝ........... යූටර්න් එකක් කොහෙද............"

ෂාන් ඉක්මනින් වාහනය ඉදිරියට පදවන අතර දැන් යලිත් හරවා ගන්නට තැනක් හොයන්නේ ඔහුගේ හිතට දැනුණු සැකය සැක හැර දැන ගැනීමේ අවශ්‍යතාවය නිසාවෙනි..........

" අහ්........අර තියෙන්නේ රවුන්දබවුඩ් එකක්........එලකිරි  ..........."

**

ශාන් ඉක්මනින්  වාහනය හරවාගෙන පොලිස් ස්ථානය අසලට ආවේය....... පිටුපා යන ඒ රුව ඇත්තෙන්ම ශාන්ගේ  හදවතේ ගැස්ම පවා වෙනස් කරන්නට සමත්වුනේය ........  ඉතින් තමන් දුටුවේ කවුරුන්දැයි සැක හැර දැනගැනීම දැන් ඔහුගේ ඒකායන ප්‍රාර්ථනය වී ඇත.......සමහර විට ඒ  ඔහුම නොවන්නට හැකිය.......ඒත්........ ඒ ඔහු වන්නටත් හැකි බව ශාන්ගේ හදවත ඔහුට පවසන්නේය........

ඒ දේහදාරී බව.......ඒ උස සහ හුරු පුරුදු බව ශාන්හට දැනෙන්නට විය....... ඒවා ලඟින් ලඟින් දැක හුරු බවක් , එසේත් නැතිනම් ඒ තමන් ස්පර්ශ කල සිරුරම බවක් දැනෙන්නට විය..... මෙලෙසින් යමක් ඔහුගේ හදවතට දැනුනු පළවෙනි වතාව මෙයයි........ඔහු කෙනෙකු වෙනුවෙන් මේ තරම් කලබල වූ පළවෙනි වතාව මෙයයි....

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now