25... අලුත් සාමාජිකයා.......♟️

989 289 240
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

Manakalie හරිම ලස්සන තෑගි එවන ආදරණීය නංගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie හරිම ලස්සන තෑගි එවන ආදරණීය නංගියා ......අදත් ලස්සන තෑග්ගක් එවලා......මට හරිම සතුටුයි අනේ.......💚❤💛

.
.
.
.
.

" දැන් ඔයා කියන්නේ මේ පේපර්ස් අරගෙන ගියාම අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් කියලද සුදු.......එතන ඉන්න මනුස්සයා මොන වගේද කියන්නවත් අපි දන්නේ නෑ......"

" රිලැක්ස් මාම්........ අපි මුලින්ම ගිහිල්ලා හොඳින් කතා කරමු......බැරිම උනොත් ඇමති බලතල ටිකක් පාවිච්චි කරමු.......කාටවත් නපුරක් කරන්න නෙවෙයිනේ........ මට සහෝදරයෙක් ගේන්නනේ........"

යීහා ශාන්ට ඔරවමින් අහකබලාගත්තේය ........ඒත් ඇගේ හිතේ කේන්‍තියක් නැත.......ඉතින් ශාන්ගේ මුහුණේ සිනහව නැතිවන්නේත් නැත.....

ශාන්  අද ඔහුගේ මවගේ වාහනයෙන්  මේ ගමන යන්නේ ඔහුගේ  ආරක්ෂකයින් දෙදෙනාව නිවසේ නතර කර දමා යන්නට අවැසි නිසාමය...... මව සමඟින්  නිවසින් පිටතට යන විට ඉතින් ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනා පැමිණීම අනිවාර්ය නැත...... ලයි එසේත් නැතිනම් මවගේ ආරක්ෂකයා සොන්ගේ කාලයේ පටන්ම සිටි විශ්වාස වන්තයෙකි......

අලුත් ආරක්ෂකයින් දෙදෙනා කොයිතරම්  ලෙංගතු උනත් ඔවුන් ෂියෙන් පපා ගේ චග්ගෝලයන් බව දන්නා ශාන්  ඔවුන් දෙදෙනා සමගින් කටයුතු කරන්නේ ඉතාමත් ප්‍රවේශම් සහිතවයි......ඔහුට දැන් එම නිවසේ විශ්වාස කරන්නට පුළුවන් අයෙකුට සිටින්නේ ඔහුගේ මව පමණකි.....

ශාන්ගේ මේ කතාවලට ඔහුත් සිනාසෙමින් අහකබලාගත්තේය .......

" කෙවින් අංකල්වත් අල්ලගෙන දැන් ඔයා මේ හදපු පේපර්ස් ඒ මිනිස්සු පිළිගනීද සුදූ............එහෙම නැත්නම් හෙට උදේම නිවුස් වල හිටපු ඇමති සොන්ගේ බිරිද සහ දරුවා නීතිවිරෝධී ලියකියවිලි සමඟ දරුවෙකු පැහැරගන්නට ගොස් මේවන විට පොලිස් අත්තඩංගුවේ කියලා නිවුස් එකක් වෙන්නද ඕන......."

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now