04.... මුහුණට මුහුණ ........♟️

1.2K 281 205
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥...........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක  ලස්සනයි නේද..........💚❤💛

.
.
.

ශාන්ගේ දෙනෙත් යලිත් පියැවී ගියේ තෙහෙට්ටුවට වන්නට ඇත.... ඔහුව බාරගන්නවා යැයි පැවසූ තැනැත්තා එම කාමරයෙන් පිටවී ගියේ විදුලි බුබුළත් නිවා දමාගෙනයි...... යළිත් ඝණ අන්ධකාරයට දෙනෙත් අහුරු කරගෙන පරික්ෂා කරන්නට දෙයක් නැති නිසා ඔහු දෙනෙත් පියාගත්තේය .....

" නැඟිටිනවා........නැඟිටිනවා.......මනුස්සයෝ........"

කවුරුන් හෝ උරහිසෙන් අල්ලා හොලවන හඬත් අකාරුණික ලෙස කතා කරන හඬටත් ශාන්  සෙමින් අවදිවුනේය ... තමන් පැය කීයක් නිදාගෙන සිටියාදැයි කියන්නට ඔහුවත් දන්නේ නැත....... දැන් නම් ඉතින් අර තද හිසේ කැක්කුම දැනෙන්නේ නැත......

සෙමෙන් සෙමෙන් දෙනෙත් විවර කරද්දී තමන් ඉදිරියේ සිටින්නේ කලින් ඔහු දුටු එක් අයෙක් වත් නොවෙයි......... සුදු හීන්දෑරී පිරිමි ළමයෙක් ........නමුත් ඉතින් ඔහුගේ පෙනුමට වඩා කටහඬ නම් අමානුෂීය වී ඇත..

" අහ්.........."

නොසිතූ මොහොතක මුවට අලවා තිබූ ටේප් පටිය ගලවා දමද්දී ශාන්ගේ මුවින් වේදනාව පිරුණු හඩක් පිටවුනේය ..... දින දෙකක් හෝ තුනක් ශේව් කර නොමැති රැවුල් කොටත් එක්කම ටේප් එක ගැලවී යද්දි ඉතින් දරාගන්නට නොහැකි වේදනාවක් දැනුනේය ...........

" මාව ලෙහපං ........"

ඇගේ තියෙන සම්පූර්ණ ශක්තියම යොදාගෙන ශාන්  කෑ ගසන්නට හැදුවත් ඒ හඬ පිටවූයේ කෙදිරීමක් ලෙසිනි..... දෙපාවල සිට උරහිස දක්වා අත් දෙකත් පිටුපසට තබා ඔහුව ලණුවකින් වෙලා තිබෙන්නේ මමියක් ආකාරයටයි...හරියට බැලුවොත් ඉතින් ඔහුට හොලවන්නට හැක්කේ ඔහුගේ ගෙල පමණකි......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now