17.... මට මේක කරන්න බෑ.......♟️

1K 279 270
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

එක් කෙළවරක සෝපාවක් වැනි පරණ අබලන්වී ගිය පුටුවක් සහ ලාච්චු දෙකක් සහිත මේසයක් පමණක් ඇති කුඩා කාමරයට ඇතුළු වූ ශාන් දොර වසාදමා මුලින්ම කාමරය තුළම තිබෙන කුඩා දොර විවෘත කළේ වොෂ් රූම් එකට යන්නටයි.......

",ඔෆ්..........."

ඉතාමත් අපිරිසිදු වොෂ් රූම් එක දුටු ශාන්  නාසය වසා ගෙන දොර වසා දැමුවේය ........ ඒත් ඉතින් අවශ්‍යතාවය ඊට වඩා දරුණු නිසා කමිසය නාසයට තද කරගෙන ශාන් බර අවසන් කරගත්තේය ......

කාමරය තුළ ඇති මේසය මත කෑම පාර්සල් දෙකක් සහ වතුර බෝතල් දෙකක් තිබුණත් යූසේ එනතුරු කන්නට හිතක් නැති ශාන් අබලන් වී ගිය සෝපාව මතින් වාඩිවුණේය......

මෙතැනට එන විටත් වේලාව සවස පහ පසුවී තිබුණු නිසා දැන් ඉතින් ටිකෙන් ටික අන්ධකාරය වැටෙන්නට පටන් ගෙන ඇත..යූසේ පැවසූ පරිදි මේස ලාච්චුව විවෘත කර ඉන් ඉටිපන්දමක් පිටතට අරගත් ශාන් ඒත් සමගම තිබුණු ලයිටරයෙන් ඉටිපන්දම දල්වා මේසයට සම්බන්ධ කරගත්තේය ..... 

තවමත් පිටත කුඩා ආලෝකයක් තිබුණත් ජනෙල් විවර කරන්නට නොහැකි නිසා ඉතින් කාමරයට අලෝකයක් ලැබෙන්නේ නැත...........මෙය ඉතාමත් කුඩා කාමරයක් නිසා ඉටිපන්දම කාමරය ආලෝකවත්  කරන්නට ප්‍රමාණවත් විය.....

" ඉටිපන්දම ලොකු නිසා පැය දෙක තුනක් තියෙයි.....ඒ ලාච්චුවේ ඇතිවෙන්න ඉටිපන්දම් තියෙන නිසා එළිවෙනකල් අවුලක් නැතිවෙයි .......ඒත්........මම මෙතන එළිවෙනකන් ඉන්නේ නෑ නේද........"

ශාන්  ඉටිපන්දම දෙස බලාගෙන තනිවම කල්පනා කරන්නට පටන් ගත්තේය....... මේ වන විට ඔහු මේ කාමරය තුළට ඇවිත් පැය දෙකක් පමණ අවසන් වී තිබෙන අතර ඉටිපන්දමෙන් හතරෙන් එකක් පමණ අවසන් වී ඇත...... කෑම මේසය මත ඇති කෑම පාර්සල් දෙකට අතවත් තබා නැති අතර ඉක්මනින් එන්නම් යැයි පැවසූ යූසේ තවමත් නැත........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now