05... අයාලේ යන හිත....♟️

900 233 228
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥...............

.
.
.
.

" අහ්ම්............"

සෙමින් සෙමින් ඔහුට පියවි සිහිය ලැබෙන බව දුටු යූසේ වතුර බෝතලය පමණක් එතැනින් තබා හොන්ෂිටත් හිසෙන් යමු යැයි කියාගෙන බෙහෙත් පෙට්ටියත් රැගෙන  කාමරයෙන් පිටවී ගියේය.......

**

ශාන්  සෙමින් දෙනෙත් අරින්නට වූයේ හිසේ තදබල වේදනාවකින් උවත් අතපය සොලවන්නට හැකිබව ඔහුට ටික වෙලාවක් යන විට දැනෙන්නට විය..... ගතට මෙන්ම සිතටත් මහා ලොකු සැහැල්ලුවක් දැනෙද්දී මෙතරම් වෙලාවක් විඳි වේදනා සමඟ බලන විට හිස රදය මහා ලොකු දෙයක් නොවන බව තේරුණු ඔහු සම්පූර්ණයෙන්ම දෙනෙත් විවර කර කෙටි ආලෝකයක් ඇති කාමරය පුරාවට දෙනෙත් යැව්වේය.... මේ ඔහු කලින් රඳවා සිටි කාමරය නොවන බව නම් ඔහු තේරුම් ගත්තේය.....

" ආහ්........මම ඉන්නෙ වාඩිවෙලා...."

ශාන්  අත්දෙක  සොලවමින් කියද්දී අත්දෙකට  වැටී තිබෙන දම්වැල් සහ දෙපාවලට වැටී තිබෙන දම්වැල් දුටුවේය ..... තමන් සම්පූර්ණයෙන්ම නිදහස් වී ඇති යැයි සිතුණු නිසා දම්වැල් දුටු සැණින් ශාන්ගේ හිතට දරාගන්නට නොහැකි කේන්තියක් ඇති වුණත් අනෙක් අතට මේ ලෙසින් හෝ නිදහසක් ලැබී තිබීම පිළිබඳව සැනසීමකට පත්වෙමින් කලින් කෙසෙල් කඳක් මෙන් බිමට වැටෙද්දී තුවාල වූ හිස අතගා බැලුවේය ...

" පොඩි එකා බෙහෙත් දාන්න ඇති......."

එලෙසින් සිතූ ශාන්  ඊලඟට දුටුවේ  ඔහු අසල තිබෙන වතුර බෝතලයයි....

" මේකට වහා දාලා තිබුණත් මම දැන් බොනවා...මගේ දිව ගිලෙන්න වගේ....."

නිදහස් අත සහ දම්වැල් දමා තිබෙන අත එහාට මෙහාට කර සිරුරේ හිරි ඇර ගත් ශාන්  වතුර බෝතලය එක හුස්මට බීවේය....... පිපාසය නැති වී ගිය නිසා දැනුණු සැනසීමත් සමඟින් ඔහු යළිත් බිත්තියට හේතු වූ අතර බර හුස්මක් පිට කරමින් දෙනෙත් පියා ගත්තේය.......

පැය කීයක් සිහිය නැතුව හිටියද දන්නේ නෑ.... ඇයි තවමත් මාව හොයාගත්තේ නැත්තේ.... මුං අපි හිතන තරම් ලේසි පාසු එවුන් නෙමෙයි වගේ....මාව හිර කරලා ෂියෙන් පපා ගෙන් මොනවද දන්නෙ නෑ ඉල්ලුවේ.....කොන්ඩයා මේක තනියම කරා වෙන්න බෑ.....ඌ කාගෙ හරි හෙන්චයියෙක්......ෂුවර් එකටම ඌ වැඩ කරන්නේ කාගේ හරි ඕඩර් එකකට...පොඩ්ඩක් ඉන්න......ඒ කියන්නෙ මුගෙ පළවෙනි ටාගට් එක උනේ මියැන් ව........ ඒකිව ටැකල් කරගන්න බැරිවුනාම මාව......ඒ කියන්නේ මේක අපේ ෆැමිලි එකත් එක්ක තියෙන ප්‍රශ්නයක් .......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now