15..... වෙන් වෙන්න දැන් ලඟයි........♟️

919 276 293
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥





.
.
.
.
.
.

පාන්දර තුනට යන්නට සිටි හොන්ෂිට යූසේට ලැබුණු හදිසි දුරකථන ඇමතුමක් නිසාවෙන් පාන්දර එකට යන්නට සූදානම් වන්නට සිදුවිය... ඉතින් වේදනාව දරාගෙනම ඔහු සූදානම් වෙද්දී  ඔහු පිටව යනතුරුම අවදියෙන් ඉන්නට හිතාගත් ශාන්  අසල පුටුවක වාඩිවී බලාගෙන සිටින්නේය....

" මට පුළුවන් වුන ගමන් මං ඔයාට කතා කරනවා අයියේ......."

සූදානම් වී අවසානයේ  මේ මහ පාන්දර පාරට ගිය යූසේ එනතුරු ශාන් අසලින් වාඩිවී ඒ අතකින් අල්ලාගත් හොන්ෂි කීවේය ...ඒ හඬ තුළ ගැබ් වී තිබෙන වේදනාව ශාන්  අපූරුවට දුටුවේය ...

" මට ඔයාට කතා කරන්න විදිහක් නෑනේ.......ඒක හින්දා ඔයාට පුළුවන් උන ගමන් කතා කරනකල් මම බලාගෙන ඉන්නවා....... ගියාට පස්සේ මටත් මොන මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා මම දන්නෙත් නෑ.......... ඒත් ඔයා මොන ලෝකෙ හිටියත් මම හොයාගෙන එනවා......"

ශාන්  ඔහුගේ අනිත් අතින් හොන්ෂිගේ හිස අත ගාමින් කියද්දී මෙතරම් වේලාවක්  හොන්ෂිගේ දෙනෙත් වල හිර කරගෙන තිබුණු කඳුළු බිඳු කිහිපයක් කොපුල් දිගේ ගලා යන්නට පටන් ගත්තේය...

" දැන් අර දැවැන්තයා උඹ අඬනව දැක්කොත් එහෙම කන පලයි...."

හොන්ෂිගේ කඳුළු ශාන්ගේ හදවතටත් බරක් මෙන්ම වේදනාවක් ඇති කළ නිසා ඔහු වේදනාව පිරුණු සිනහවක් මුහුණට නගා ගෙන එලෙසින් කියමින් හොන්ෂිගේ කම්මුල් පිසදැමුවේය ...

" එයා ඉතිං අපි දෙන්නට ගහන්නේ කටින් තමා..... කොච්චර කෑ ගැහුවත් එයා අපි දෙන්නට ආදරෙයි....... දැක්කනේ මේ දවස් ටිකේ පාරට යන එන සැරේට කඩසෝරු උස්සගෙන ආපු හැටි........... අපි දෙන්නා තමා එයාගේ බබාලා දෙන්නා......"

ඉතින් වේදනාවත් හැඬීමත් සියල්ල අමතක කළ හොන්ෂි එලෙසින් කියද්දී ශාන්  ඔහුගේ මුහුණට බොරු අමනාපයක් මවාගත්තේය.......

" උඹ බබා උනාට මම බබා නෙමෙයි......"

ඉතින් ඒ අමනාපය පිරුණු කටහඬින්ම ඔහු එලෙසින් කියද්දී හොන්ෂි හරි අපූරු නක්කල් සිනහවක් දැම්මේය....

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now