16... බාධක මැදින් .......♟️

921 275 300
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️‍🔥❤️‍🔥

Shihara_YZ කවිකාරිගෙන් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Shihara_YZ කවිකාරිගෙන් ලස්සන තෑග්ගක් .......ආදරෙයි ඉතින්...... 💚❤💛

.
.
.
.
.

මුලින් මුලින් එතරම් වන ගහණයක් නැති වනාන්තරය මැදින් ඇවිද ගියත් එන්න එන්නම විශාල වන වනාන්තරයේ දැන් අඩිය තියන්නට අඩි පාරක්වත් නැත...... ශාන්  යූසේගේ ඇගේ ගෑවෙන නොගෑවෙන ලෙසින්ම ඔහුගේ පිටුපසින් ගමන් කරන්නේ හිතට ඇතිවූ තැති ගැන්මක් නිසාවෙන් යැයි කීවොත් නිවැරදිය...

පරිසරයට එතරම් කැමැත්තක් නැති නිසාම ශාන්  කන්දක් වත් තරණය කරන්නට ගොස් නැත...... එවන් ආකල්ප ඔහුගේ හිතට ඇති කළ තැනැත්තා ෂියෙන් පපා යැයි කීවොත් නිවැරදිය... නයිට් ක්ලබ් , වීඩියෝ ගේම් සහ මියුසික් ශාන්ගේ ජීවිතයට සමීප කලේ ඔහුයි.........

මේ වනවිට ඔවුන් විනාඩි පහළොවක් පමණ වනාන්තරය මැදින් ගමන් කර තිබෙන අතර දැන් නම් ශාන්ගේ හොඳ පණ අවසන් වී තිබෙනවා යැයි කීවොත් නිවැරදිය....... හිස් මුදුනේ පටන් දහඩිය බේරෙන්නට පටන්ගෙන ඇති අතර සිරුරට දමා තිබෙන දහඩියෙන් කමිසය තෙත්වී ඇත.... විනාඩි පහක්වත් සාමාන්‍ය මාර්ගයක පයින් යන්නේ නැති ශාන් හට දැන් මේ වනාන්තරය මැදින් ගමන් කරන විනාඩි පහළවත් හෝරා ගණනාවක් ලෙසින් දැනී ඇත...

" මීටවඩා හෙමින් යන්න බරිද මගුල......."

මූණට වැදුනු අත්තක් කේන්තියෙන් ඉවත්කරමින් ශාන්  කියද්දී පුළුවන් තරම් සෙමින් ඇවිදිමින් සිටි ගමන නතරකල යූසේ ශාන්  දෙසට හැරුනි ..... සම්පූර්ණයෙන්ම දහඩියෙන් තෙත් වී තිබෙන ශාන්ගෙර් සිරුර දුටු යූසේ ඇස්දෙකත් හැකිලුවේ විනාඩි පහළොවකට මිනිසෙකුගේ සිරුරකට මෙවන් විපර්යාසයක් සිදුවෙන්නට පුළුවන්දැයි කියා හිතාගන්නටවත් නොහැකි නිසාවෙනි.......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now