33... නොබිදෙන පොරොන්දුව.......♟️

961 274 252
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

.
.
.
.
.
කුවාන් යූසේව නතර කරන්නට හැදුවත් ඉතින් අවසානයක් නැත........

" කුඩු දීලා විනාස කරන්න.......ආහ්........හෙරොයින් වලින් පස්සෙ අයිස් ගහන්නත් නේහ්........ආහ්.......... අහගනිං.........උඹව ටික ටික මරන්න ඌ හදන්නේ...........ආය පලං බලන්න ක්ලබ් අස්සෙ නිදි වදින්න.........එක එකා මරන්න ඕනේ නෑ මං තෝව  මරන්නේ............මගේ ජීවිතේ අමාරුවේ දාගෙන මම කොච්චර අමාරුවෙන්ද යකෝ තෝව බේරලා යැව්වේ....... ඌට උඹව විනාස කරනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද.....උඹට මොනවා හරි උනොත් මං මැරෙයි යකෝ......... "

ශාන් දෙස බලමින් ශාන් හට කෑ ගසමින් පුටුවෙනුත් පෙරළී සිටින මිනිසාට නොනවත්වා පහර දෙන යූසේ දෙස ඇස්වල කඳුළු පුරවාගෙන තත්පර කිහිපයක් බලාගෙන සිටි ශාන් හට යූසේගේ  අන්තිම වචන කිහිපය ඇසුනේ වෙනත් ලෝකයකින් ඇසෙන හඬක් ලෙසටයි......ඉතින් ශාන්  ඊලඟ ඇසිල්ලේ දුවගෙන ගොස් යකෙකු මෙන් බිම වැටී සිටින මිනිසා දෙස බලාගෙන සිටින යූසේව වැළදගත්තේය ..........ඒ වන විටත් ගුටි ප්‍රහාරයට මුහුණ දුන් තැනැත්තා සිහිසුන් වී සිටි අතර ශාන් පුලුවන් තරම් තදින් යූසේව වැළදගත්තේය .............

" ඇති රත්තරං ..............."..

ඉකිබිදුමක් අතරින් ශාන්  කියද්දී  යූසේගේ දෑත් ශාන්ගේ බදවටා එතුනේය ...........

**

............කේන්තිය වැඩිකමටද යූසේගේ සිරුර වෙව්ලන බව ශාන්හට  දැනුනි........ඊටත් වඩා ඔහුගේ හද ගැස්මේ වේගය කොයිතරම් වැඩිද යන බව ඔහුගේ පපුවටම දැනුනේය........

" උඹව පරිස්සම් කරලා මට මහන්සී බං......'"

ෂාන්ව දෝතින්ම තමන්ගේ සිරුරට වැළඳගෙන යූසේ එලෙසින් කියද්දී ශාන්ගේ මුවින් බරම බර හුස්මක් පිට වුණේය.......

" යූසේ........"

වැළඳගෙන සිටින අතරේම නිකමට දෙනෙත්  හැර බලද්දි ඔවුන් දෙදෙනාට පිටුපසින් අත් දෙකක් පපුවට බැඳගෙන බලාගෙන සිටින කුවාන්ව දුටු ශාන්  යූසේගෙන් ඈත් වෙන්නට දඟලමින් එලෙසින් කීවත් ඔහු තවත් තදින්ම ශාන්ව වැළඳ ගත්තේය......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now