37...ඒ හිතේ වේදනාව .......♟️

925 286 296
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️‍🔥❤️‍🔥

.
.
.
.
.
.

",මේ ඔයා කාමරෙන් එළියට එන්න එපා හොදේ......."

" ඒ මොකෝ බං   ........"

" තව ටික වෙලාවකින් අර කුණ්ඩවාලේ ගේ අස් කරන්න එනවා......"

" යකෝ එක හරි වැඩක්නෙ මං ගේ අස්සට වෙලා ඉන්න ඕනෙද......."

ශාන්  අතේ ඇති රිමෝට් එක පසෙකින් තබා හොන්ෂි දෙස බැලුවේය .... මේ ඔහු යූසේ මුණගැසුන දිනයට පහු වැනි දිනයයි...... එය ඉතින් සෙනසුරාදා දිනයක් නිසා ශාන්  අවදි වූයේත් මීට විනාඩි කිහිපයකට පෙරයි......මූණ කට හෝදා ගෙන එහෙමම කාමරේ ඇති සුවපහසු අසුනේ වාඩිවුණු ඔහු කාමරයේ ඇති රූපවාහිනිය ක්‍රියාත්මක කළේ දැන්මම ආලින්දයට යන්නට හිතක් නැති නිසාවෙනි...

" අනේ එහෙනම් ඕන එකක් කරගන්න.....ලොක්කයියා කිව්වා වගේ ඔයාගේ මොනවා රකින්නද...."

ශාන්  අසලින් වාඩිවී මුහුණත් අමුතු කරගත් හොන්ෂි එලෙසින් කියද්දී ශාන් ඔහුගේ කරවටා අතක් දමාගත්තේය ...

" දැන් අද ඒකිට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ...."

" අද ඔයාට කියලා  බැනුම් අස්සවන්නනේ හිතාගෙන ඉන්නේ... ඒකනේ ටිකක් දවල් වෙනකල් එළියට එන්න එපා කිව්වේ......"

හොන්ෂිගේ හතර බීරි කතාව තේරුම් ගන්නට නොහැකිව ඇස් දෙකත් සිහින් කර ඔහු දෙස බැලූ ෂාන් හොන්ෂි රැගෙන ආ කිරි වීදුරුව තොල ගාන්නට පටන්ගත්තේය ......

" අද එයාට කියලා තමා ගෙවල් අස්කරවන්නේ......මොප් එකෙන් කවදාවත් අපි බිම මොබ්  කරන්න නෑ කියලා ටවල් එකක් දීලා දනගහගෙන මදින්න කියනවා......."

" යකෝ මුලු ගේම......."

ශාන් කෑගැසුවා නොව කෑගැස්සුනේය....තුන්වෙනි මහලේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ ඔවුන්ගේ නිවසයි.........නිදියන කාමර හතරක් විශාල ආලින්දයක් තවත් කුඩා ආලින්දයක් ඇඳුම් මදින කාමරයක් සහ බැල්කනියක් නිවසට අයත් ය.......

" ඔව් ඔව් අනේ........ එහෙමනේ එපා කරවන්නේ...... "

ශාන්  කිසිවක් කියන්නට ගියේ නැත ......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now