23...... චෝපී ...♟️

884 278 235
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️‍🔥❤️‍🔥

Manakalie ඊයෙ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞  එකට කවර් එක හදපු නංගියා මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ඊයෙ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞  එකට කවර් එක හදපු නංගියා මයි...... ඒකත් ගොඩාක් ලස්සනයි ...... ආදරෙයි ඉතින් ....💚❤💛

.
.
.
.
.

" මචං මෙතන ඉස්සරහා හොස්පිට්ට්ල් එකක් නං තියෙනවා ............"

ශාන්  සිටින්නේ නිවසේ උවත් ලින් සහ නියෝ lian cafee සොයන මෙහෙයුම දියත් කරමින් සිටින්නේ ජයග්‍රාහි තුන්වෙනි දිනයටයි......

පළවෙනි දිනයේ පිරිස සමඟින්ම එක් ශාඛාවකට ගියත් ඒ අහල පහල පාසලක් ඇරෙන්නට වෙනත් කිසිවක් සොයාගන්නට නොහැකිවිය.......නිතරම ආරක්ෂකයින් දෙදෙනා මගහැර මේ ගමන යන්නට නොහැකි නිසාත් , ආරක්ෂක නිලධාරීන්ට අමතරව සමහරවිට ශාන්  පිටුපස ඔත්තු කරුවන් පැමිණෙන බව මිතුරන් සිව් දෙනා අනුමාන කරන නිසාත් ශාන්  හැර අනෙක් අය මේවා සොයාබලන්නට තීරණය කලේය ....

ලින්ගේ දුරකථන ඇමතුම ලැබෙන විට වේලාව සවස හය පසු වී තිබුණු අතර ශාන්  සිටියේ ඔහුගේ කාමරය තුලයි....... ඒ පුංචිම පුංචි ආරංචිය ඇසුනු සැනින් ශාන්  කොයි තරම් කලබල උනාද කියතොත් දැන් ඊළඟට තමන් සිදු කළ යුත්තේ කුමක්දැයි කියා කියන්නට තරම්වත් අවබෝධයක් ඔහුට ලැබුණේ නැත.........

" මං එන්නද........අපි........අපි ......මොකක්ද කරන්නේ....... ලිනා .......මං එන්නම්........."

ශාන්  වාඩිවීසිටි තැනින් නැඟිට කලබලයෙන් කියද්දී අනෙක් පසින් ලින් බර හුස්මක් පිටකලේය ...... තම මිතුරාගේ මේ කලබලවීම ඔහුව පුදුමයට පත්කලේ නැත....... එදා cafee එක තුලදී සිදුවීම පවසන විටත් සමහර සිදුවීම් අසල ශාන්ගේ ඇස්වල තිබූ තෙතමනය ඔවුන් අපූරුවට දුටුවේය ..... සමහර සිදුවීම් පවසන විට ඔහු සුසුම් හෙලූ ආකාරය , තවත් සමහර තැන්වලදී පුදුමාකාර ආදරණීය සිනහවක් ඒ මුහුණේ ඇඳුණු ආකාරය ,  තවත් සමහර සිදුවීම් පවසන විටදී ඒ අත් දෙක කෝපයෙන් මිට මෙලොවුණු ආකාරය , අවසන් මොහොත එසේත් නැතිනම් යූසේගෙන් වෙන්වුනු මොහොත පවසාගන්නට නොහැකිව ටිකවේලාවක්  අත්දෙකෙන්ම කොන්ඩය පිටුපසට ඇදගෙන සිටි ආකාරය ඔවුන් දුටුවේය ...

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now