08..... හිතන්නට යමක්.... ♟️

919 257 268
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

.
.
.
.
.

පහරේ වේගයට අත් දෙක බුරුල් වුනාට ඔහු දම්වැල අත ඇරියේ නැත...යළිත් වතාවක් එය බෙල්ලට හිර කර ගන්නට හදද්දී යූසේ ඉස්සර වි කඳෙන් මදක් නැවී  ශාන්ව අත්දෙකෙන්ම අල්ලා  ඔසවා කෙලින්ම තමන් ඉස්සරහින් හිටුවාගත්තේය.........

එම සිදුවීම නම් ඔහු බලාපොරොත්තු උනේම නැත.... ඒ නිසාම දම්වැල අතහැරී යද්දී යූසේගේ අවඥා සහගත සිනාව නිසා ඔහුගේ කෝපය වර්ධනය වුණේය...... ඉතින් ඉස්සරහට පැන යූසේගේ මුහුණටම පයින් පහරක් එල්ල කරන්නට ශාන්  හැදුවත්  යූසේ ෂූක්ෂම ලෙස පහර වලකාගෙන ශාන්ව බිමට පෙරලාගත්තේය ........

" අහ්.........අතෑරපිය ..........."

**

ශාන් බිමට වැටුනු සැනින් යූසේ ඔහු මතට විත් ඒ බෙල්ලෙන් අල්ලාගෙන අත්දෙක හිසට ඉහලින් සිමෙන්ති පොලොවට තදකරගත්තේය ...

" එහාට වෙයං යකෝහ්.....මටහ්.........යන්.........."

",ෂ්........උඹ තව එක වචනයක් හරි කතා කරලා තිබ්බොත් මං උඹගේ බෙල්ල මිරිකනවා.. සද්ද වහලා මම මේ කියන ටික අහගෙන හිටපන්......."

යූසේ ගේ ගැඹුරුම ගැඹුරු කටහඬින් එලෙසින් ඇසෙද්දී ශාන්  මදක් මෙල්ලවුනේ හඬටම හරියන්නට ඒ ඇස් වල බැල්මත් එක්වූ නිසාවෙනි......අනික ඉතින් ඔහුට හොලවන්නට හැකි වී තිබෙන්නේ දැන් බෙල්ලෙන් ඉහළ කොටස පමණි......හෙන කඳයෙක් ලෙසින් යූසේ  ඔහුගේ සිරුර මතට බර වී සිටින අතර කකුල් වලින් කකුල් දෙක ලොක් කරගෙන ඇත....එක් අතකින් බෙල්ල මිරිකාගෙන අනෙක් අතින් ඔහුගේ අත් දෙක බිමට තද කරගෙන ඇත........

",කිඩ්නැප්  කරපු එවුන්ව හිර කරල තියන විදිහ උඹ දැකල තියෙනවද........ නැත්තං අහල තියෙනවද...... මේ ගෙවිච්ච දවස් දෙක ඇතුළත උඹට හිතුනෙ නැද්ද මං උඹව මරන්නේ නෑ කියලා... අත පය ගැට ගහලා බාල්ක වල එල්ලලා සිහිය නැතිවෙන නැතිවෙන සැරේට මූණට වතුර ගහලා සිහිය අරගෙන  බොන්න වතුර ටිකක් වත් දෙන්නේ නැතිව දවස් 14ක් උඹව තියාගන්න කියලා කියාපු එකාවත් දන්නෑ උඹ හෙනයක් වත් නැතුව මෙතන ඉන්නවා කියලා ........... උඹගෙ තරහ සාධාරණයි....... හැබැයි  මේ වෙලාවෙ මේ වගේ ගොන් ආතල් දෙන්නේ නැතුව ටිකක් හිටපං......."

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now