09. අනතුරක ඇරඹුමක් ......♟️

864 261 294
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥..........

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.
.
.
.
.

කුඩා කාමරයෙන් පහල  කාමරයට යන දොරටුව විවර කරගෙන පඩිපෙල් කීපය පහළට බැස දොර අසලට ගිය ඔහු සෙමින් දොරටුව විවර කරද්දී දුටුවේ.................

**

.............. දම්වැල සහිත කකුල සහ අනෙක් කකුල බිත්තියේ උඩ අතට තියාගෙන කකුල් දෙක දෙපසට සොලවමින් සිටින ශාන්වයි........දොර ඇරෙන හඬ ඇසුණත් ඔහු සිටින ඉරියව්ව වෙනස් කළේ නැත.......කකුලේ දම්වැල ඒ ලෙසින්ම තිබෙන බව දුටු යූසේ කෑම සහිත ට්‍රේ එක මෙට්ටය අසලින් තබා යන්නට හැරුනේය........

" චූ බරයි........"

ශාන්  කකුල් දෙක ඩොහ් හඬින් මෙට්ටය මතට පතිත කරන අතර එලෙසින් කියද්දී දොර අසලට ඇවිදගෙන යන්නට ගිය යූසේ නතරවිය......පසුව කිසිම කතාවක් නැතිව බිත්තිය අසලට ගිය ඔහු එතැනින් දම්වැල නිදහස් කරගෙන ශාන්  දෙස බැලුවේය ..ඒ වන විටත් ඔහු මෙට්ටය මතින් නැගිට අවසන්ය......

" අපේ ගෙදර බල්ලොත් ඔය වැඩේ කරන්න ඕන උනාම ලෙහලා දානවා....."

,එලෙසින් පවසමින් ශාන්  කුඩා වොෂ් රූම් එකට රිංගා ගත්තේය .... යූසේ නිහඩව පිටතට වී සිටි අතර විනාඩි දෙක තුනකට පසුව ඔහු නාන කාමරයෙන් පිටතට පැමිණි අතර යළිත් ඇඳට ගොස් පෙර සිටි විලසින්ම කකුල් දෙක බිත්තිය දිගේ ඉහලට තබා ගත්තේය.... යූසේ  කිසිවක් පවසන්නේ නැතිව දම්වැල බිත්තියට සවිකර යතුර සාක්කුවට දමාගත්තේය ...

" තමුසේ මියැන් ට ඇත්තටම ආදරෙයිද...."

යළිත් දොර දෙසට ඇවිදගෙන යන්නට ගිය යූසේගෙන් ශාන්  දැන් එලෙසින් අසන්නේ බිත්තිය මත ඉහළට එසවී ඇති ඔහුගේ දෙපා දෙස  බලාගෙනයි...

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now