26... සැක සහිත බව.....♟️

889 281 228
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

.
.
.
.
.

හොන්ෂි සිටියේ කිචන් එක තුල ශාන්  එන්නට පෙර දවල්ට කන්නට යමක් සූදානම් කරන අතරයි...... පෙර දිනයේ එනම් හොන්ෂි මෙහි පැමිණි දිනයට පසු දිනයේත් ඔහු දිවා ආහාරය සූදානම් කර තිබුණු අතර ශාන් සහ ශාන්ගේ මව ඔහුට කෑගැසුවේය...... කොයි තරම් එපායැයි කීවත් ඉතින් හොන්ෂි ආහාර පිසීම සිදු කරන්නේ ඉතාමත් කැමැත්තෙනි..... ශාන්ගේ  කෑ ගැසීම් අස්සේ තිබෙන සෙනෙහස , යීහාගේ ආදරණීය බව ඇත්තෙන්ම ඔහුගේ හදවතට අලුත් බවක් ඇති කර තිබුණි.......

" උඹ අදත් කුස්සි  අම්මා වගේ මොනවා හරි උයලා තිබ්බොත් එහෙම  මං ඇවිල්ලා උඹගෙ තට්ටේ පලනවා........"

නිවසින් පිටව යන්නට පෙර ශාන් ඔහුට තර්ජනය කළේ එලෙසිනි.......

" කුස්සියට යන්න එපා පුතේ......ඔයත් මට සුදු වගේම තමා............රෑට අපි මොනවා හරි හදාගන්න එක වෙනම දෙයක්......... සුදු අයියා ඇවිල්ලා ලන්ච් වලට  ඔය දෙන්නට මොනවා හරි ඕඩර් කරයි......."

ආයතනයට යන්නට පෙර හොන්ෂිගේ හිසත් අතගාගෙන යීහාත් එලෙසින් පැවසුවේය .........ඒත් ඉතින් උදෑසන අටේ නවයේ පටන් රූපවාහිනිය දෙසම බලාගෙන හිඳිද්දී හිතට දැනුනු කම්මැලිකම නිසාම හොන්ෂි ඉක්මනින් මොනවා හෝ සූදානම් කරන්නට හිතාගත්තේය .........

එක්වරම  නිවසේ දොරට තට්ටුකරන හඩ ඇසුනු නිසා ඔහු කරමින් රාජකාරියත් නතර කර දොර අසලට ගිය අතර දොර අරින්නේම නැතුව......

" කවුද..........."

යනුවෙන් ඇසුවේ ෂාන් ඔහුට උපදෙස් ලබා දී තිබුණේ එලෙසින් නිසාවෙනි...ෂාන් හෝ යීහා නිවසට පැමිණෙන්නේ නම් දොරට තට්ටු කරමින් සිටින්නේ නැත.....ඔවුන් ළඟ නිවසේ යතුරු තිබෙන අතර ඔවුන් දොර ඇරගෙන නිවස තුළට ඇතුළු වන්නේය..... ඉතින් මේ ඇවිත් සිටින්නේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු නොවන නිසාම දොර විවර්ත කරන්නේ නැතිව කවුදැයි ඇසුවේය ...........

" ශාන් ගගාගෙ ගේ අස්සට වෙලා ඉන්නෙ තමුසෙ කවුද.......... එනවා එළියට මට මූණ ටිකක් බලන්න........"

තරුණ ගැහැණු ළමයෙකුගේ දරුණු කටහඬක් එලෙසින් ඇසෙද්දී හොන්ෂි තත්පර කිහිපයක් නිහඬව කල්පනා කළේය........දුරකථනයක් මිලදී ගන්නට තමන්ව එක්කගෙන යන්නේ අද හවස යයි යයි ශාන් පවසා තිබුණි.......ඉතින් දුරකථනයක්වත් තිබුණා නම් කවුරුන්දෝ ඇවිත් තමන් හට බැණ වදින බව ශාන්ට  හෝ කෙටි පණිවිඩයකින් පවසන්නට තිබුණා නොවේදැයි ඔහු කල්පනා කලේය ....

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now