36.. හුඟ දවසකට පසුව ......♟️

986 286 306
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥..

zhanleo ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


zhanleo ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක් ......ඉතින් ආදරෙයි ගොඩාරියක් ...💚❤💛

.
.
.
.
.
.

" පුංචි හෝඩුවාවක් හම්බවුනා......කුවාන් ඒක හරියටම හොයාගත්තට පස්සේ මං කියන්නම්....."

",හ්ම්ම්ම්...ඒ කියන්නෙ ඔන්චියගේ සැකේ හරි......"

" ඔව්......... "

ශාන්  සුවපහසු අසුනේ වාඩිවී දුරකථනය ඔහුව පෙනෙන ලෙසින් තියාගත්තේය .... මේ ඔහු යූසේ සමඟ වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වී සිටින මොහොතකි........ මේ වන විට එදා පුටුවේ ගැටගසා පහර දුන් මිනිසා බලන්නට ඔහු සමග ගොස් ඇවිත් සතියක පමණ කාලයක් ගතවී තිබුණු අතර සෑම දිනකම රාත්‍රියේ ඔහු සමඟ වීඩියෝ ඇමතුමක් ගන්නවා ඇරෙන්නට ඔහුව මොන ගැසෙන්නට නම් අවස්ථාවක් යළිත් ලැබුණේ නැත......

" හෝඩුවාව කිව්වෙ........මේකත් ප්ලෑනක්ද.......මට අපේ ගෙදර දෙන්නා ඇරෙන්න  මේ ගෙදර ඉන්න බල්ලෙක්වත් විශ්වාස නෑ......."

කලකිරීම මුසු වූ කටහඬකින් ශාන් එලෙසින් අසද්දී යූසේ බර හුස්මක් පිටකලේය .......

" අනතුරක්ද නැද්ද කියන එක දැනගන්න දවසක් දෙකක් ඉන්නවා කෝ......ගෙදර එඩ්‍රස්  එකයි අම්මගේ අප්පගෙ විස්තරයි දුන්න ගමන් හැමදේම හොයාගන්න අපිට ඉර්ධි බලේ නෑනේ......"

යූසේ තරමක් කෝපය පිරුණු කටහඬින් එලෙසින් කියද්දි ඇස් දෙකත් සිහින් කර දුරකථනය දෙස බලාගෙන සිටි ශාන්  අත්දෙකෙන්ම කොන්ඩය පිටුපසට කරගත්තේය .....

" මේ ප්‍රශ්න විසඳෙනකන් හිටියොත් එහෙම මට කවදාවත් තමුසෙව හම්බවෙන්න වෙන්නේ නෑ.......මං දැන් එනවා.......".

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now