EP02

640 133 9
                                    

BoBo's 1st SCHOOL DAY

බෝබෝ එදා නැගිට්ටේ හරීම සතුටෙන්..මොකද අදත් අර අයියව දකින්න හම්බෙයි කියලා හිත හිත.

"නැන්දේ....එන්නකෝ මාව අන්දන්න" බෝබො යුනිෆෝම් එකත් තියාගෙන් කන්නාඩියෙන් මූන බලබල හිටියා.

"ඇයී පුංචී මහත්තයා අද විතරක් මට එන්න කියන්නේ??😼" නැන්දා කියගෙන යනකොටම බොබෝ හැරුනා

"මන් ලස්සනයි ද??" කියාගෙන...අනේ දෙයියෝ...පවුඩර් බෝතලේම හලාගෙනද කොහෙදෝ මූනට 😂😂😂😂 හොම්මනක් වගේ...

"අනේ දෙයියනේ...මේ මොකද මේ??😂😂😂😂😂😂😂😂" නැන්දාටත් මාරම හිනා.......

"මන් ලස්සනයි ද?? මන් අද ලස්සනට ඉන්න ඔනී.  මන් අර අයියව හම්බෙන්න යන්න ඔනි අද" බෝබෝ ආඩම්බරෙන් වගේ කිව්වා.

"පුංචි මහත්තයා, ඔහොම ගියොත්  නම් එ ලමයා බයවෙයී😅"

"ඒ ඇයී ඒ??" බෝබොට මාරම ප්‍රශ්නයක්..

"ඉන්නකෝ මන් ලස්සන කරලා ගන්න.." කියලා...නැන්දා පවුඩර් ටික පිහිදලා, යුනිෆෝම් එක අන්දලා, ඕන කරන දේවල් බෑග් එකට දාලා බෝබොව පහලට එක්කන් ගියා..බෝබෝව එක්කන් යන්න කැබ් එක්ක් එයාගේ තාත්තා එවලා තිබ්බේ.... ඔන්න ඒකේ නැගලා ගියා ස්කෝලේ.......

ස්කෝලේ ගේට් එක ගාවදී.....

බෝබොට තිබ්බ සතුටටත් එක්කම උඩ පැන පැන හයියෙන් දුවගෙන ගියා ස්කොලේ ඇතුලට ....එහෙම දුවගෙන යනකොට එකපාරටම තව එයාගේ වයසෙම තඩී කොල්ලෙක්ගේ ඇගේ හැප්පිලා බෝබෝ  විසික් වෙලා ගිහින් වැටුනා...දනිස් තුවල උනත් එක්ක...😿😿😿 පව්ව්ව්ව්ව්...බෝබෝ අමාරුවෙන් නැගිටින්න හදද්දී..අර තඩි කොල්ලා,

"මොකද ඇස් පේන්නැද්ද??"

බෝබෝට ඇඩෙන්න වගේ......ඒත් බෝබෝ ඇඩුවේ නෑ.මොකද තාත්තා කියලා තිබ්බ දේ මතක් උන නිසා..

"අඩන්නේ දුර්වල මිනිස්සු "..."       "

බෝබෝ නැගිටලා...අර තඩි කොල්ලව තල්ලූ කලා... "ඇයි ඔයාගේ පේන්නැද්ද?" කියලා...

ඒ තඩි කොල්ලටත් කේන්ති ගියා...දුවගෙන ඇවිත් බෝබෝගේ ශර්ට් එකෙන් අල්ලන් හොල්ලන්න ගත්තා...😐😐😐

මේ සීන් එක අස්සේ එතනට ස්කෝලේ ශිෂ්‍ය නායකයෝ දෙන්නෙක් ආවා..මේ මොකද වෙන්නෙ බලන්න..ඒ ආවේ...xiao zhan නුයී එයගේ යාලුවයී.දැන් ඔක්කොම වගේ මේ දෙන්නා රණ්ඩු වෙන දිහා බලන් ඉන්නවා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now