EP09

556 124 21
                                    

"Zhan ge!!!"

"DD!!!"

ඒ දෙන්නට දෙන්නාගේ ඇස් දෙක ටික වෙලාවකට ලොක් උනා.දෙන්නම බලන් හිටියේ මෙච්චර කල් හෙව්ව ඒ ඇස් දෙක දිහා.යීබෝට සිංදුව ඉවර වෙනවාවත් දැනුනේ නෑ,තාමත් බලන් ඉන්නේ zhan දිහා.

~As long as you're by my side, I'll be satisfied~

Zhan ඒ කොටස කිව්වෙ යීබෝගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙනමයි.ඊටපස්සෙ zhan සිංදුව ඉවර වෙනවත් එක්කම හෝල් එකේ හිටපු ඔක්කොම හයියෙන් අත්පුඩි ගහන ගමන් නැගිටලා එයාලගේ සතුට ප්‍රකාශ කරා.මොකද zhan කියන්නේ එයාලා ගොඩක් ආදරෙ කරන singer කෙනෙක්.ඒත් zhan ගොඩක්ම ප්‍රසිද්ද චිත්‍ර ශිල්පියෙක් කියලා කවුරුත් දැනන් හිටියේ නෑ.

කට්ටිය හැමෝම අත්පොලසන් දෙද්දී යීබෝ තාමත් බලන් ඉන්නේ ස්ටේජ් එක උඩ ඉන්න zhan දිහා.

යීබෝටත් නොදැනීම යිබෝගේ ඇහෙන් කදුලු වැටෙන්න පටන් ගත්තා.ඔන්න එවෙලේ තමයි yixing දැක්කේ යිබෝ අඩනවා කියලා.

"අඩේ යිබෝ!!!? මොකෝ උබ අඩන්නේ???? අඩෝ බම්!!!!!?"

"යීබෝ!!!!???" Yixingට කිහිපවතාවක්ම යිබෝ ට කතා කරන්න උනා එයාව පියවි සිහියට ගන්න.

"නැ මොකුත් නෑ බම්!!! ඇහැට රොඩ්ඩක් ගියා!! මන් යනවා"

යිබෝ එහේම කියලා කදුලුත් පිහිදන් ඉක්මනය හෝල් එකේන් යන්න ලෑස්ති උනා.

"DD ඔයා තාමත් එහෙමමයී!!! පලවෙනි දවසේ දැක්කා වගේම තාමත් අඩම බබෙක්"  Zhan එහෙම හිතෙන් හිතන ගමන් යීබෝ යන දිහා බලන් හිටියා.

*Flashback*

Xiao Zhan's pov :

මන් සිංදුව කියන්න පටන් ගෙන මැදක් යද්දී මෙන්න පොඩි බබෙක් මන් දිහා බලන් ඉන්නවා කන්න වගේ.මාත් එයා දිහා බලාගෙනම සිංදුව කිව්වා.එයා අපේ ස්කෝලේට අලුතෙන් ආපු පොඩි මල්ලී කෙනෙක්. ඒ පොඩි බබා මම සිංදුව කියලා ඉවර වෙනකම්ම ඇස් පිල්ලාන්වත් ගහන්න නැතිව බලන් හිටියේ.මන් සිංදුව ඉවර කරා විතරයි මෙන්න මේ පොඩි කොල්ලා අඩනවා.හීමීට චුට්ටන් මුං ඇටයක් වගේ කදුලූ එක එක එයාගේ ඇස් වලින් වැටෙන්න ගත්තා.මන් දන්නෑ ඒ ඇයි කියලා.ඒ DD ගේ චුට්ටන් නහයයි,ඇස් දෙකයි, කම්මුල් දෙකයි චෙරි ගෙඩියක් වගේ රතුපාට වෙලා තිබ්බේ.අනා සෝයී.මට ගිහින් බදාගන්න හිතුනා.මන් සිංදුව ඉවර කරලා ස්ටේජ් එකෙන් බහින කොටත් ඒ මල්ලි මම් දිහා බලන් හිටියේ.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now