EP06

524 119 10
                                    

14 years Later.....

"As long as the sea is bound to wash up on the sand, and Stars are above you, WE WILL MEET AGAIN!!!"

අවුරුදු 14කට පස්සේ ඒ දෙන්නට දෙන්නා ආපහු වාතාවක් මුණ ගැහෙන්න තමයි දෙන්නාගෙම දෛවයේ ලියවෙලා තිබ්බේ. හරියට රතු නූලකින් දෙන්නාගෙම ආත්ම දෙක ගැටගහලා ඉපදෙන හැම ආත්මෙකකදීම ආදරෙන් වෙලෙන්න සලස්වනවා වගේ.

About Wang YIbo:

අවුරුදු 14කට පස්සේ යිබෝට වයස අවුරුදු 20යි. ඒ ගත වුන කාලෙට ගොඩාක් වෙනස්කම් යිබෝගේ ජීවිතේදී එයාට මුහුණ දෙන්න සිද්ද උනා.එයාට දරාගන්න බැරිම උනේ යිබෝට අවුරුදු 18ක් සම්පූර්ණ වෙනවත් එක්කම යිබොගේ අම්මායි, තාත්තායි ඇක්සිඩන්ට් එකකින් මැරුණ එක.ඒ කාලේ යීබෝට ගොඩක් අමාරු කාලයක් උනා.තාත්තාගේ කම්පැනි එකත් ටිකෙන් ටික අබාගෙට යන්න උනා..එ හැමදේයක්ම ගැන බලගන්න යිබෝ ගොඩක් දුක් වින්දා.ඒ හැම කරදරයකදීම යිබෝ ලගින් හිටියේ එයාත් එක්ක පොඩි කාලේ ඉදන්ම හිටපු නැන්දායී Kai hyungනුයි.යිබෝට ලොකු හයියක් උනේ ඒ දෙන්නා,එයාලා හිටියෙ නැත්තම් යිබෝට මොනා වෙයිද කියාලා හිතාගන්නවත් බැරි තරම් තත්වෙක තමයි යිබෝ හිටියේ.නැන්දා යීබෝට අම්මෙක් වගේම kai hyung තාත්තෙක්ද උනා.

යිබෝගේ තාත්තට තිබ්බ කම්පැනි එක Music Indrusty එකට සම්බන්ද එකක්.ඒ කම්පැනි එකෙන් පරණ ගීත අලුත් ගායකයන් දාලා නැවත සංස්කරණය කරන කම්පැනි එකක්.තාත්තා මැරුණාගෙන් පස්සේ තාත්තාගේ secretary එක්ක යිබෝ ගොඩක් ලොකු ගේමක් ගහන්න උනා කම්පැණි එක දිගටම කරගෙන යන්න. තාත්තාගේ secretary ගේ නම Kai.

මේ ඉන්නේ Kai:

Kai යිබෝට වඩා අවුරුදු 7ක් වැඩිමහල් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kai යිබෝට වඩා අවුරුදු 7ක් වැඩිමහල් කෙනෙක්. Kai hyung යිබෝගේ තාත්තාගේ හොදම යාලුවාගේ පුතා.යාලුවා පිලිකාවක් හැදිලා මැරුණ නිසා යිබෝගේ තාත්ත කායිව එයා ලගට වැඩට ගත්තා.කායි ගොඩක් විශ්වාසවන්ත සේවකයෙක්.යිබෝට අවුරුදු 20ක් වෙනකම් කායි තමයි කම්පැණි එක බලාගත්තේ.සමහර අවස්ථාවලදී යිබෝත් උදව් කරා.

යිබෝ music පැත්තෙන් තමයි කැම්පස් එකේ ඉගෙන ගන්නේ.කැම්පස් එකේ කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ යිබෝට.හැන්ඩි කොල්ලෙක්නේ.ඒත් යිබෝ ඒ කවුරු දිහාවත් බලන්නෑ.යිබෝ හැමවෙලේම හිටියේ එයාගේ යාලුවා yixing එක්කමයි. යිබෝ ගොඩක් mentally strong කොල්ලෙක්.එයා එයාගේ ඉලක්කෙට කොහොම හරි ය්න කෙනෙක්.එයාට මොනාද ඕනී,ඒක කොහ්මහරි ගන්න කෙනෙක්.

යිබෝගේ තාත්තාගේ කම්පැනි එකේ නම WANG Entertaitment.ඒත් යිබෝ තාත්තා කරා වගේ පරණ සිංදු සංස්කරණය කරනවා වෙනුවට අලුත් සිංදු හදන්න තීරණය කරා.මොකද කම්පැනි එක ගොඩ දාගන්න ඔනි නිසා. අවුරුදු 20 යිබෝ කියන්නේ ඉස්සර හිටපු අර හුරතල් සුට්ටන් කොල්ලා නෙමෙයි.මේ ගෙවුන කාලෙට යීබෝ ගොඩක් වෙන්ස් උනා. කායි අයියාවයි, නැන්දාවයී ඇරෙන්න යිබෝ කාවවත් විශ්වාස කරේ නෑ. සැහෙන්න දරුණු නපුරු පෙනුමක් තියෙන cold hearted කෙනෙක් තමයි දැන් ඉන්නේ.කිසිම කෙනෙක් එක්ක වැඩිය කතා නැති,හිනාව ගෑවිලාවත් නැති කෙනෙක් තමයි යිබෝ.කම්පැනි එකේ ගොඩක් අය යීබෝට බය උනා වගේම ගෞර කරා.

-Bluberriemoody-

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now