EP05

538 120 16
                                    

වෙන්වීම: Gege කියන්නැතිව යන්න උනාට මට සමාව දෙන්න.

Zhan ගියාට පස්සේ යිබෝ ගොඩක් සතුටින් හිටියේ.යිබෝට මේ දවස කවදාවත්ම අමතම වෙන්නැති දවසක් උනා.ඒත් යිබෝගේ ඒ සතුටේ අයුශ ගොඩක්ම කෙටි උනේ,

යිබෝගේ තාත්තාගේ කම්පැනි එකේ අලුත් branch එකක් එයාල ඇමරිකාවේ දාන්න යන නිසා.ඒ නිසා ගෙදර හැමෝම ඇමරිකාවේ පදිංචියට යන්න වෙලා තමයි තියෙන්නේ.

"යිබෝ........" යිබෝ රෑට කන්න මේසෙ ඉදගත්ත ගමන්ම තාත්තා යිබෝට කතා කරා.යිබෝ හිටියේ ගොඩක්ම සතුටෙන්,ඒ නිසාම තාත්තා කතාකරනවා යිබෝට ඇහුනේ නෑ.

යිබෝ තනියෙන් හිනාවෙවි කෑම කන්න ලෑස්ති වෙන දිහා බලන් හිටපු තාත්තා කන්ෆියුස් වෙලා ආපහු,

"YIBOOO!!!!!!!!" මේ පාරනම් තාත්තා තව ටිකක් හයියෙන් කතා කරා.යිබෝ ඒ සද්දෙට නම් බය උනත් එක්ක.

"ඇයි තාත්තේ?"

"මොන ලෝකෙද ඉන්නේ,එකපාරක් කතාකරාම ඇහෙන්නැද්ද?අහ්හ්හ්???" තාත්තාට හොදටම කේන්ති ගිහිල්ලා.

"සොරී තාත්තේ....." යිබෝ ඔලුව පහත් කරගෙන කිව්වා.

(නසරානි අප්පෙක් -_- )

"මන් මේක ඔයයී,අම්මයි දෙන්නම එකට ඉද්දී කියන්න ඕනි දෙයක්.." යිබෝයී, යිබෝගේ අම්මායි දෙන්නම තාත්තා මේ මොකක්ද කියන්න යන්නේ කියලා කල්පනා කරන ගමන් තාත්තාගේ

මූන දිහා බලන් හිටියා.

"මොකක්ද ඒ?" යිබෝගේ අම්මා ඇහුවා.

"අපේ කම්පැනි එකේ අලුත් branch එකක් ඇමෙරිකා වල අපි දාන්න යන්නේ" යිබෝගේ තාත්තා හිනාවෙන ගමන් කිව්වා.

"වාව්ව්ව්ව්ව්ව්.... congratulations Honey"යීබෝගේ අම්මා තාත්තාගේ අත අල්ලන ගමන් සතුටෙන් කිව්වා.යීබෝටත් ඒ වගේම සතුටුයී.

"congratulations තාත්තේ" යීබෝත් සුභ පැතුවා.

"ඒ වගේම තවත් හොද ආරංචියක් තියෙනවා......ඒ තමයි අපි ඇමරිකාවට ට්‍රාන්සර් වෙනවා හෙට දවල් ෆ්ලයිට් එකෙන්..මොකද අලුත් branch එකක් නිසා මන්ම බලලා ඒ ටික settle

කරගන්න එකම තමයී හොදම" යිබෝගේ තාත්තා එහෙම කියලා යිබෝගෙයී අම්මාගේ මුනු දිහා හිනාවෙලා බලන් හිටියා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now