EP23

457 99 15
                                    

"gege, මොකක්ද මට කියන්න තියෙනවා කිව්වේ"ඒ දෙන්නම මුහුදු වෙරලේ කවුරුත් වැඩිය නැති තැනකට ගිහින් මුහුදේ ඈතින් ඉර බැහැලා යනවා බලන් හිටියා.

"මේක බලන්නකෝ ඊට කලින්"zhan ශශී එයාට දුන්න කොල කෑල්ල යීබෝට දුන්නා.

"මේ මොකක්ද gege"යීබෝ කොලේ තිබ්බ දේ කියවලා ආපහූ zhan දිහා බලාගෙන ඇහුවා.

"ඕක මට නන්ගී දුන්නේ" zhan උන හැමදේම යීබෝට කියලා වෙරලේ ඉදගත්තා.

යීබෝ තාමත් හිටගෙන zhanකියපු දේවල් අහන් හිටියේ.

"ඒ කියන්නේ gege, එයාල කැමතිද අපි දෙන්නා එකට ඉන්නවට" යීබෝ ඇස් දෙකත් ලොකු කරගෙන බිම ඉදන් ඉන්න zhan දිහා බලන් හිටියා

"ඔව්ව් යීබෝ" zhan හිනාවෙන ගමන් යීබෝ දිහා ඔලුව උස්සලා බලලා කිව්වා.

යීබෝ ටික වෙලාවක් zhan දිහා බලන් ඉදලා ,

"GEGE!!!!!!" යීබෝ එකපාරටම zhanගේ පිටිපස්සෙන් වෙරලේ ඉදගෙන zhanව හයියෙන් බදාගත්තා.

"zhange ම-ම-මට" යිබෝ zhanගේ උරහිසේ එයාගේ මූණ හංග ගත්තා.

"යීබෝ!! ඔයා අඩනවද??" zhan එයාගේ එක අතක් යීබෝගේ ඔලුව උඩින් තියලා ඔලුව හරවලා ඇහුවා.

ඒත් යීබෝගෙන් කිසි උත්තරයක් නෑ.එයා තාමත් zhanගේ උරහිසේ මූණ තියන් හිටියේ.

"බෝබෝ??" zhan හැරිලා යීබෝගේ මූන අත් දෙකෙන්ම අල්ලගෙන ඉස්සුවා.

අනේ!!! යීබෝගේ ඇස් දෙකයී නහයයී කම්මුල් දෙකයී ඔක්කොම රතු වෙලා.ඒ වගේම එයාගේ ඇස් වල කදුලු පිරිලා.

"බෝබෝ" zhan යීබෝගේ කදුලූ පිහිදන ගමන් ඇහුවා.

"gege ම-මට ගොඩක්-ම සතුටුයී!!" යීබෝ zhan ගේ අත් දෙක අල්ල ගන්න ගමන් කිව්වා.

"zhange, මට ගොඩක් සතුටුයී..මට ගොඩක්ම සතුටුයී..zhange,dd ai ni!!! zhange මන් පොරොන්දු වෙනවා ඔයාව හොදට බලාගන්නවා කියලා." යීබෝ අඩන ගමන් කතා කරා.

"zhange මන් පොරොන්දු වෙනවා ඔයාට කවදාවත්ම දුකෙන් තියන්නෑ කියලා. gege I LOVE YOUUUUUU!!! zhange.... මට ගොඩක්ම සතුටුයී ..අනේ gege මට හිතාගන්න බෑ මොනාද කියන්න ඕනී කියලා...gege..."යීබෝ අඩන නිසාම එයාගේ කටහඩ කැඩි කැඩි තමයී ඇහෙන්නේ.එයාගේ ඇස් වලින් නැවතෙන්නේ නැතුවම කදුලූ වැටෙනවා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now