EP22

432 96 35
                                    

"නන්ගී මේ,මන් දන්න තව දරුවෙක් ඉන්නවා.එයාවත් මෙහෙට එක්ක ගමුද?? නන්ගිට කරදරයක් නැත්තම්" zhanගේ අම්මා එයාගේ නන්ගිගෙන්,ඒ කියන්නේ zhanගේ නැන්දාගෙන් රෑ කෑම උයන ගමන් ඇහුවා.

"තව කෙනෙක්? කමක් නෑ එක්ක ගන්න!! කට්ටීය වැඩි වෙනකොට ජොලි" නැන්දා ඒකට එකපයින් කැමති උනා.එයා හෙන ජොලි චරිතයක්.නැන්දා තාම බැදලා නෑ,ඒ නිසා වැඩි වයසකුත් පේන්නෑ..එයා පවුලේ ගොඩක් අය එක්ක විනෝදෙන් ඉන්න ගොඩක් කැමතීයී.

"කවුද අම්මා ඒ??" ශශී අම්මාගෙන් ඇහුවා.

"යීබෝ ව"අම්මා ශශී දිහා බලලා කිව්වා. "අපේ චුටි දුවගේ වයසම කොල්ලේක් එ ලමයා.හරිම හොදයී.මට ගොඩක් ආදරෙයී.ඒ ලමයා මේ දවස් ටිකේම සැහෙන මහංසි වෙනවා ඉතිම් නිවාඩුවකට එක්ක එයාටත් එන්න කියන්න ඇහුවේ මන්"

"මන් නම් කැමතියී ඒකට" නැන්දා කිව්වා.

"වැඩේ හොදට සෙට්ල් වීගෙන යනවා වගේ!! යීබෝ එන එකම හොදයී.නැත්තම් මේ අපේ අයියාට එයා නැතුව කාන්සාවවත් හැදෙයී" ශශීත් එහෙම හිතන ගමන් අම්මා කියපු දේට කැමති උනා.

"අපි අයියාට කියනවද අම්මේ?" ශශී එකපරටම අම්මාගෙන් ඇහුවා.

"එපා එපා,අයියව සප්‍රයිස් කරමූ අපි" නැන්දා එහෙම කියලා අම්මාගේ පැත්තට හැරුණා.

"හොද අදහස" අම්මාත් කැමති උනා.

"මන් ගාව නම්බර් එක තියෙනවා.හැබැයි මන් කිව්වොත් නම් එන්නැති වෙයී.අම්මා කෝල් කරලා කියන්න"

"හරී මන් කියන්නම්, යීබෝ මන් කියන දේ අහනවා" අම්මා ආඩම්බරෙන් වගේ කිව්වා.

"ඒ ආඩම්බරේ බලන්නකෝ" නැන්දා ශශී දිහා බලලා අම්මාව පෙන්නලා හිනා උනා.ශශීත් හිනා උනා.

අම්මා ශශීගෙන් නම්බර් එක ඉල්ලගෙන යීබෝට කෝල් කරා.යීබෝ බිසී උනත් හෙට එන්නම් කියලා පොරොන්දූ උනා,zhanගේ ආම්ම්මා එන්න කියද්දී බෑ කියන්න බෑනේ ඉතිම්.හැබැයී යීබෝට එහෙන් එන්න වෙන්නේ දවල්ටලූ.කොහොම උනත් යීබෝ එනවා කියපූ නිසා අම්මා ගොඩක් සතුටු උනා.

අම්මා ගිහින් අනිත් දෙන්නාටත් කිව්වා යීබෝ එනවා කිව්වා කියලා.ඊටපස්සේ තුන් දෙනාම එකතුවෙලා කතාවක් දාගෙන උයලා ඉවර කරා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now