EP27

403 93 20
                                    

"යීබෝ පුතේ, කවද්ද concert එක තියෙන්නේ??" zhanගේ අම්මා යීබෝගෙන් අහන ගමන් ඇවිත් එයා ලගින් ඉදගත්තා. යීබෝ හිටියේ zhan ලා ගෙදර.

"ඒක තියෙන්නේ ඊලග සතියේ අම්මේ!!"

"අපි කොහොමද ටිකට් ගන්නේ එතකොට??"

"මන් දැනටමත් අම්මාටයී, ශශීටයී දෙකක් ඇරගත්තා." යීබෝ හිනා වෙන ගමන් කිව්වා.

"ඒ කියන්නේ, ටිකට් soldout වෙලා නෑනේද තාම??"

"නෑ තාම අම්මේ"

"හම්මෝ හොදයී, මගේ යාලුවෝ සෙට් එකක් ඇහුවා ඒ ගැන. එයාලාගේ දුවලා පිස්සු වැටිලා ඉන්නේ ඔය දෙන්නාට -_- කොයිවෙලේ ගෙට කඩන් පනීද දන්නේ නෑ. මන් මාර බයෙන් ඉන්නේ." zhanගේ අම්මා අහක බලාගෙන රවන ගමන් කිව්වා.

යීබෝ මොකුත් කියන්නැතුව හිනා වෙලා අම්මා දිහා බ්ලන් හිටියා.

"අම්මේ, මට බඩගිනියී."zhan ඇවිත් යීබෝ ගාවින් ඉදගෙන අම්මාට පේන්නැතිවෙන්න යීබෝගේ පිටට මූණ තියාගෙන හේත්තු උනා.

"හරි ඉන්න මන් මොනාහරි හදන්නම්.යීබෝටත් බඩගිනිද?" අම්මා එහෙම කියන ගමන් නැගිට්ටා.zhan හිමීට සෝෆා එකට හේත්තු උනා.

"චුට්ටක්!!" යීබෝ අතෙන් චුට්ටක් පෙන්නන ගමන් කිව්වා.

අම්මා යීබෝට හිනාවෙලා කුස්සියට පැත්තට යනකොට එකපාරටම ගෙදර බෙල් එක වැදුනා.

අම්මා ක්ෂනික හැරුණා. ඒ තුන් දෙනාම බලන් හිටියේ දොර දිහා.

zhan නැගිටලා දොර අරින්න යන්න ගියත්, අම්මා ඉක්මනට ඇවිත් නැවැත්තුවා.

"යන්න එපා..මන් බලන්නම්. ඔයාලා සද්දෙ නැතුව ඉන්න" අම්මා හිමීට කියන ගමන් දොර පැත්තට ගියා.

දොර ලගට ගිහින් හිමීට දොරේ හිලෙන් එලිය බැලුවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා.

බුදම්මෝ!!!!!!!!!!!!!!

අම්මාගේ ඇස් උඩ ගියා.

ඒ ඇවිල්ලා හිටියේ අම්මාගේ යාලුවෝ ටිකයී, එයාලගේ දුවලා ටිකයී!!!!!!!!

!!!!!!!!!!!!

අම්මා ඉක්මනට දුවගෙන ආවා යීබොයී zhanඋයි ඉන්න තැනට!!

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now