EP03

597 125 9
                                    

Gegeට BoBoගෙන් තෑග්ගක්.

"අනෙ....බොබෝ ඇයි මේ අඩන්නේ" නැන්දා ඉක්මනට බෝබෝ ලගට දුවගෙන ගිහින් ඇහුවා...

"බෝබෝට, gege ට තැන්ක්‍යු කියන්නවත් බැරි උනා.."කියලා බෝබෝ අඩන ගමන් කිව්වා...

"ඒ ඇයී???" නැන්දා බොබොව බදාගන්න ගමන් කිව්ව.
"ඉතිම් බොබෝ . ඔයාට පුලුවන් නේ හෙට gegeට තැන්ක්‍යු කියන්න" කියලා නැන්දා බෝබොගේ කදුලු පිහිදද්දී තමයි දැක්කේ දනිස් දෙකත් තුවාල වෙලා කියලා....

"අනේ පුංචි මහත්තයෝ ඇයි මේ කකුල තුවාල වෙලා...😟😟😟 ගොඩක් රෙදෙනවා ද??" කියලා නැන්දා බයවෙලා ඇහුවා...

"රෙදෙන්නෑ..." එහෙම කියලා බොබෝ උදේ උන දේවල් ඔක්කොම නැන්දට කිව්වා...

"ඒ දරුවා හොද ලමයෙක්නේ... පුංචි මහත්තයා හෙට ගිහින් තැන්ක්‍යු කියන්න, ඒ ලමයට..." කියලා නැන්දා බෝබෝට දවල්ට කවන ගමන් කිව්වා....

බෝබෝ කැම කාලා ඉවර වෙලා එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තා..ඊටපස්සෙ මේසේ ලගින් ඉදගෙන ච්‍රිත්‍ර පොත ඇරන් චිත්‍රයක් අදින්න ගත්තා...බෝබෝ ඒ ඇන්ද්‍රෙ එයාගේ gege ව.

Next Day.

බෝබෝ ස්කෝලේ යන්න ලෑස්ති වෙලා පහලට ඇවිල්ලා යන්න යද්දී නැන්දා ආවා...

"බෝබෝ, මේ පාර්සල් එක ඔයා අර කියපු ලමයට ගිහින් දෙන්න...රස දෙයක් තියෙන්නෙ....බෝබොටත් බෑග් එකට දාලා තියෙන්නේ..ඔක්කොම කන්න ඔනී."
නැන්දා එහෙම කියලා ඒ පාර්සල් එකත් බොබොගේ බෑග් එකට දැම්මා. බෝබෝට හරිම සතුටුයී😭❤️

"නැන්දේ.....තැන්ක්‍යු....මන් ඔයාට ගොඩක් ආදරෙයි" බොබො නැන්දව හයියෙන් බදාගන්න ගමන් කිව්වා.

"මාත් ආදරෙයි මගේ පුංචි මහත්තයාට.....බොබෝ සතුටින් නම් මාත් සතුටින් නේ...." නැන්දා එහෙම කියලා බොබොගේ නලලට හාදුවක් දීලා බෝබෝව වාහනේට නැග්ගෙව්වා... බෝබෝ කාර් එකේන් එලියට අත දාලා නැන්දට අත වනලා ස්කෝලේ ගියා....

ස්කෝලේදී....

බෝබෝ අදත් ගියේ සතුටෙන්...හැබැයි සතුටුයී කියලා ඔන්න අදනම් හයියෙන් දුවන්න ගියේ නෑ....මොකද එයා එයාගේ gege ට පොරොන්දු උනානේ...දග ලමයෙක් වෙන්නෑ කියල...

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now