EP12

515 117 18
                                    

යීබෝ උදෙන්ම වොශ් එකක් දාගෙන ලෑස්ති උනේ උදෙන්ම තියෙන ලෙක්චර් එකට යන්න.යිබෝ හෙල්මට් එකක් ගන්න යද්දී දැක්කා zhan geඑයාගේ ආසම හෙල්මට් එක paint කරලා

ඒකට ඇරන් දීලා තියෙන අලුත්ම fresh lookඑක දිහා.

"වාව්!! වාව්!! my gege is the best one"

යීබෝ එහෙම කියන ගමන් හෙල්මට් එක ඇරන් ඒකට කිස් එකක් දීලා ඇරගෙන එලියට ගිහින් බයික් එකෙන් කැම්පස් එකට ගියා.

"හේයි හේයි යීබෝ! ගුඩ් මෝනිම්" ශශි යිබෝ දිහාවට දුවගෙන එන ගමන් කිව්වා.

"හ්ම්ම්ප්" යිබෝ කිසිගානක් නැතුව ඇහුන්නෑ වගේ ඉස්සරහට ගියා.

"ඒඒ!!! මුගේ ආච්චිට!!" ශශි එහෙම කියද්දී යීබෝ එක පාරටම දෙයක් මතක් වෙලා ආපහු හැරුණා.

"ඕයී, මට zhangeගේ ෆෝන් නම්බර් එක දෙන්න."

"හාහ්!!! ඇයි ඒ මන් ඒක ඔයාට දෙන්න ඕනී?? අහ්හ්?? මාව ගනන් ගන්නැතුව "හ්හ්ම්ම්ප්" කියාගෙන ගියානේ. නසරානියා!!!" ශශි එහෙම කියලා යීබෝව පහු කරගෙන ඉස්සරහට ගියා.

"ශශී!!!!!! GIVE ME!!!" යීබෝ ශශිගේ කොන්ඩෙන් අල්ලගෙන නැවැත්තුවා.

"ආව්ව්වා!!!අතහරිනවා" ඒ වෙලේම වගේ යීබෝට කෝල් එකක් ආවා.

"ඔහොම ඉන්නවා පොඩ්ඩක්" යීබො එහෙම කියල ශශිගේ කොණ්ඩේ අතහැරලා කෝල් එක ආන්සර් කරා.ශශී හීමීට මාරු වෙන්න ගියේ.ඒත්,

"Hello,Hyung.What's Up?" ඒ කෝල් එක kaiගෙන්.

"අහ්!!ඕකේ. මන් පුලුවන් තරම් ඉක්මනට එන්නම් මේ ලෙක්චර් එක ඉවර කරලා.ඔකේ!! බායි" ශශිත් ඒ කෝල් එක අතරේ හීමිට යීබෝගේ පස්සට වෙලා අහගෙන හිටියේ.

"කවුද ඒ? මොන hyungද? අර ඊයේ ආපු කෙනාද?"

"ඔව්. ඉක්මනට මට zhan geගේ නම්බර් එක දෙන්න."

"හරි,මන් දෙන්නම්.හැබැයි එක කොන්දේසියක් තියෙනවා.'

"ඒ මොකක්ද?"

"මට ඔයාගේ hyungගේ නම්බර් එක දෙන්න,මන් ඔයාට අපේ අයියාගේ නම්බර් එක දෙන්නම්. Are we deal?" shashiඑහෙම කියලා අත දික් කරා.

"ඇයි තමුසෙට එයාගේ නම්බර් එක??"

"දෙන්න බැරි නම් ඉන්න,මන් අපේ අයියාගේ නම්බර් එක දෙන්නෙත් නෑ.හ්හ්ම්ම්ප්!!!" ශශි එහෙම කියලා යන්න හැදුවා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now