EP17

451 108 13
                                    

ඊලග දවසෙත් වෙනදා වගේම යීබෝ බිසී. මේ දවස් ටිකේම එක දිගට වැඩ කරපු නිසා යීබෝගේ ඔලුව ටිකක් රිදෙන්න ගත්තා.

"යීබෝ,ඊලගට සිංදු ටික රෙකෝඩ් කරන එක ත්මයී ලොකු වැඩේකට තියෙන්නේ.ඔයා දවස් දෙකක් විතර rest එකක් ගන්න.මහන්සි වෙන එක ඔයාගේ කටහඩට බලපායී නැත්තම්."kai යීබෝගේ ඔෆිස් එකේ සෝෆා එකේ ඉදගන්න ගමන් කිව්වා.

යීබෝ ටිකක් වෙලා කල්පනා කරලා " okay,hyung!!"

"මන් අනිත් වැඩ ටික බලාගන්නම්.යීබෝ දැන් ගෙදර යන්න.ඊයේ ඉදන්ම මෙහෙනේ ඉන්නේ,ගෙදර ගිහින් හොදට නිදාගන්න.මන් මොනාහරී ඕඩර් කරන්නම්"kai යීබෝගේ පිටට තට්ටුවක් දාලා ඔෆිස් එකෙන් එලියට ගියා.

යීබෝ එයාගේ ඔෆිස් එකේ ඇතුලේ තියෙන කාමරේට ගිහින් එයාගේ හෙල්මට් එකයි,ජැකට් එකයි ඇරගෙන එලියට ආවා.ඊටපස්සේ car park එකට ඇවිත් එයාගේ බයික් එක පාර්ක් කරලා තියෙන තැනට ඇවිත් යීබෝ ටික වෙලාවක් එයාගේ හෙල්මට් එක දිහා බලන් හිටියා.ටිකවෙලාවකින් බයික් එකේ නැගලා එයා ගෙදර ආවා.යීබෝ ආපු ගමන් ම ගියේ වොශ් රූම් එකට,නාලා ටවල් එකත් ඇදගෙන එලියට එනකොටම වගේ apartment එකේ බෙල් එක වැදුනා.

"hyungගේ ඕඩර් එකවත්ද???" යීබෝ වෙන ටවල් එකකින් ඔලුව පිහිද පිහිද ගිහින් දොර ඇරියා.හිතුවා වගේම kai ඕඩර් කරපු චයිනීස් නූඩ්ල්ස් සුප් එක ඇරගෙන ඩිලිවරී මෑන් කෙනෙක් ලොකු පාර්සලයක් එක්ක දොර ඉස්සරහා හිටන් හිටියා.සාමන්‍ය ඩිලිවරි කට්ටිය වගේම මෙයත් මාස්ක් එකකුයි කැප් එකකුයි shop එකේ යුනිෆෝම් එකකුයි ඇදගෙන හිටියේ.යීබෝ පැත්තකට වෙලා එයාට ඇතුලට එන්න ඉඩ දුන්නා.ඒ කෙනා ඇතුල්ට ඇවිත් දැක්ක දෙයින් උඩ ගියා.යීබෝගේ apartment එක සැහෙන්න හැඩිවෙලා.යීබෝ දැක්කා ඒ කෙනාගේ බැල්ම.

"ඕක තියලා ඉක්මනට යන්න"යීබෝ cold voice එකෙන් කිව්වා. ඒ ආපු කෙනා එකපාරටම බයෞනා.ඉක්මනට පෙට්ටිය ඇතුලෙන් සුප් එක ඇරගෙන මේසේ උඩින් තියලා දොර පැත්තට ආවා.

"අපෙන් ඕඩර් කරාට,ගොඩක් ස්තූතියි.කෑම එක හොදට රසවිදින්න." ඩිලිවරි කොල්ලා යිබො දිහා බලන්නෙවත් නැතුව ඔලුව පහත් කරගෙන එලියට ගියා.යීබෝ එයා එලියට යනවත් එක්කම දොර වැහුවා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now