CHAPTER 01

5.8K 356 65
                                    

"උබනම් කිසි වැඩකට නෑ!"කම්මුලට වැදුනු සැර කම්මුල් පහරකින් පිරිමි ලමයා බිම ඇදගෙන වැටුනා. "මන් උබට කිව්වේ කුස්සිය පිරිසිදු කරන්න මිසක් කුස්සිය මැද නිදාගන්න නෙවේනෙ.ඒක එච්චරටම උබට තේරුම් ගන්න අමාරුද?"කාන්තාව ඒ පිරිමි ලමයගෙ ඇස්වලින් කදුලු පනිනකන්ම කොන්ඩෙන් අල්ලගෙන ආයෙමත් කම්මුල් පාරවල් ගැහුවා.

"ම්-මට සමාවෙන්න.....ඇ-ඇත්තටම මට සමාවෙන්න.මට ග්-ගොඩාක් නිදිමතයි. ඒකයි ම්-" කියල ඉවරකරන්නත් කලින් ගෑනු කෙනාගෙන් තවත් කම්මුල් පාරක් හම්බුන පිරිමි ලමයා කටින් පිටවෙන්න යන ඉකිය තොලත් හපාගෙන නතරකරගත්තා.නැත්නම් එයාට තවත් කම්මුල් පාරක් කන්න වෙනවා.

"මන් දැන් තමුන්ට කතාකරන්න කිව්වද?" ගෑනු කෙනා පිරිමි ළමයගෙ කොන්ඩෙ තවත් හයියෙන් අල්ලගෙන,"බලවා මේ වැඩකට නැති කන් දෙක.මට තමුන්ව ඇබෝර්ට් කරන්න තිබුනා ඒත් මාස 9ක්ම බඩේ තියාගෙන හිටිය නිසා මන් ඒ අදහස අත් ඇරියා."

අල්ලගෙන හිටපු කොන්ඩේ හයියෙන් ඇදලා පිරිමි ළමයව පැත්තකට තල්ලු කරලා කුස්සියෙන් පිටතට යන්න හැරුනා ඒත් දොර ලගින් නැවතිලා ආයෙමත් පිරිමි ළමයගෙ පැත්තට හැරිලා."ආයෙමත් මට පේන්න තමුන් නිදාගෙන තිබ්බොත්,මන් ආයෙමත් තමුන්ව බේස්මන්ට් එකේ ලොක් කරලා තියනවා.මන් හිතනවා තමුන් ඒක ආයෙමත් වෙනවට කැමති නෑ කියලා.එහෙම නේද?"

"න්-නෑ..." පිරිමි ළම‍යා හෙමින් මිමිනුවාම සෑහීමකට පත් උන ඒ ගෑනු කෙනා ඔලුව වනලා කුස්සියෙන් එලියට ගියා. පිරිමි ළමයා රෙදි කෑල්ලකින් හෙමින් හෙමින් කුස්සිය පිරිසිදු කරන්න ගත්තා.පිරිමි ළමයගෙ ඇස්වලින් නොනවත්වාම කදුලු ගැලුවා.



සෑමදිනෙකම ශාරීරිකව තමන්ගේ මවගෙන් ලැබුනු වදහිංසා ඉක්මනින් නැතිවෙලා ගියත් ඇයගේ වදන් ඔහුගේ හදවතේ සදාකාලිකව රැදුනේ ඒ තරමට ඔහු තමන්ගේ මවට වෛර කරන නිසාවෙන්.



මේක තමයි ජන්කුක්ගෙ ජීවිතය.!

තමන් කිසිසේත්ම නොවටිනා බව නිසැකව ජන්කුක් දන්නවා උනත් තමන්ගේ මවගෙන් හැමතිස්සෙම ඒ ගැනම අහන්න ලැබෙන එක එයාව වේදනාවෙන් පිරෙව්වා.

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Waar verhalen tot leven komen. Ontdek het nu