CHAPTER 05

1.6K 314 101
                                    

"ප්‍රශ්නෙ විසදුවා! දැන් ඔයාට පුලුවන් එයාව බලන්න යන්න" ජිමින් කිව්වා.

"පොඩ්ඩක් ඉන්න! ඇත්තටම?" ටේහියුන් පුදුමෙන් එයාගෙ කොට යාලුවා දිහා බැලුවා. "ඔයා කොහොමද ඒක කළේ? එයා මොනවද කිව්වෙ?"

"එයාට එයාගෙ අම්මා හරියට කරදර කරලා ඉතින් එයා හිතලා කවුරුවත්ම එයාට ආදරේ නෑ කියලා. ඒකයි එයා අර විදිහට සුයිසයිඩ් කරගන්න හදලා තියෙන්නේ" කියලා ජිමින් කිව්වා. "මන් කිව්වා ඔයාට එක චාන්ස් එකක් දෙන්න කිව්වා.ඉතින් එයා හා කිව්වා. කෝ දැන් ගිහින් එයාගෙන් සමාවගන්න!" ජිමින් ටේහියුන්ව කාමරේ දොර ලගටම තල්ලු කරගෙන ගියා.

"තෑන්ක්ස් මිනී!"ටේහියුන් ජිමින්ව තද කරලා බදාගත්තා.ඊටපස්සෙ හෙමිහිට දොර ඇරලා ඇතුළට ගියා.

කියුට් බෝලයක් වගේ ජන්කුක් එයාගෙ හා කන් දෙකෙන් මූනත් වහගෙන, ඇගිලි එක්ක සෙල්ලම් කරනවා දැක්ක ටේහියුන්ගෙ හදවත හයියෙන් ගැහුනා.ටේහියුන්ට හිතුනෙම ජන්කුක්ව එක කටට ගිලලා දාන්න.ඒ තරමටම ජන්කුක්ව පෙනුනෙ කියුට් බෝලයක් වගේ!! ජන්කුක්ට කවුරුවත්ම කාමරේට ආවා කියලා දැනුනේ නෑ ඒතරමටම ජන්කුක් එයාගෙ ඇගිලිත් එක්ක බිසී වෙලා හිටියේ.ඒක තේරුනු ටේහියුන්ගෙ මූනෙ හිනාවක් ඇදුනා.

ටේහියුන් ජන්කුක් ළගින් හිටගෙන ජන්කුක් ඔලුවෙන් අත තියලා "ඔයා මොනවද කරන්නේ, පුංචි මේට්?" කියලා ඇහුවා.



"හ්-හෙලෝ..." ජන්කුක් බයෙන් එයාගෙ බෝල ඇස්දෙකත් ලොකු කරගෙන ටේහියුන් දිහා බැලුවා.



"ඔයා කොහොමද මේ තරම් කියුට් උනේ, ම්ම්ම්?........." ටේහියුන් ජන්කුක්ගෙ රෝස පාට කම්මුල් දෙක මිරිකුවේ හිතින් ජන්කුක්ව තව ගොඩාරියක් කෑම කවලා චබී බෝලයක් කරනවා කියලා හිතනගමන්.

ටේහියුන් ජන්කුක්ගෙ අත්දෙකෙ දාලා තියෙන මාංචුව ගලවලා, "සොරි ඒන්ජල් ඔයාව මේ විදිහට ලොක් කරාට.ඇත්තටම වෙලාවකට මගේ තරහව මට පාලනේ කරගන්න බෑ."ටේහියුන් ජන්කුක්ගේ වලලුකරේ තියෙන දම්පාට තැලීම්පාරවල් දිහා දුකෙන් බැලුවා.

"එ-ඒකට කමක් නෑ..."ජන්කුක් හිමින් ටේහියුන්ට උත්තර දුන්නා."ඔ-ඔයාගෙ නම මොක්කද?" කියලා ජන්කුක් ටේහියුන්ගෙන් ඇහුවා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now