CHAPTER 09

1.6K 294 21
                                    

VOTE GOAL = 100



"සුබ පැතුම් අදිරජුනි,රැජිණියගෙ සෞඛ්යය තත්ත්වය දැන් හොදටම හොදයි! රැජිනියගෙ ශරීර බරත් ටිකෙන් ටික සාමාන්‍යය අතට පත්වෙනවා.!"ඩොක්ටර් කන්ග් අතේ තියෙන ෆයිල් එක දිහා බලාගෙන කිව්වා.



"රැජිනියගෙ ගොත්ගහන එකත් ටිකෙන් ටික අඩු වෙනවා.මන් හිතන්නෙ එතුමා මෙහෙ තියෙන පරිසරයට සහ හැමකෙනෙක් එක්කම සුහදව කතාබහ කරන නිසයි"ඩොක්ටර් කන්ග් තවත් පැහැදිලි කරා.



"ඒකනම් ගොඩාරියක් සුබ ආරංචියක්. තෑන්ක්ස් ඩොක්ටර්" ටේහියුන් හිනාවෙලා කිව්වා.





"හොදයි. රැජිණියට ප්‍රතිකාර කරන එක මගේ වගකීමක්.. ඒක නෙවෙයි,ඔබ ආයෙමත් මාළිගාවට ගාඩ්ස්ලව ගෙන්නන්න ඕනෙ. ගාඩ්ස්ලා නැතුව මාළිගාව ආරක්ශිත නෑ!"ඩොක්ටර් කන්ග් ටේහියුන්ට කිව්වා.



"මන් දන්නවා.... ඒත් ජන්කුකී රතු පාට ගාඩ්ස්ලව දැක්කාම බය වෙයි " ටේහියුන් ඔලුව කසන ගමන් ලොකු හුස්මක් අරගෙන පිට කරා.



"මට විශ්වාසයි රැජිණියට එයාලව ඉක්මනින්ම හුරු වේවි. ඔබතුමාට හැමදාටම ඒ අයව හංගන්න බෑනෙ. රැජිණියත් දැන-" "හ්-හියුන්ගී!........."



ටේහියුන්ට එයාගෙ පුංචි මේට්ගෙ නිදිමත කටහඩ ඇහුනා. ජන්කුක් එක අතකින් කියුට් විදිහට ඇහැ කසන ගමන් පල්ලෙහාට වෙලා තියෙන බ්ලැන්කට් එක අනිත් අතින් උඩට ඇද්දාම ජන්කුක්ගෙ තියෙන හුරතලේට ටේහියුන්ට හිනා ගියා. "හියුන්ගී....!" ආයෙමත් ජන්කුක් තොල් දෙකත් උල්කරගෙන කිව්වා.



"බේබි, ඇයි මෙච්චර උදෙන් නැගිටලා? තවම උදේ 7ට විතර ඇති!" ජන්කුක්ගෙ නලලට කිස් එකක් දෙනගමන් ටේහියුන් නිදිමතේ ඉන්න ජන්කුක්ව තුරුලට ගත්තා.



"ම්-මන් නැගිටිනකොට ඔයා මගෙ එහා පැත්තෙ හිටියෙ නෑ! ඔයා හරිම නරකයි හියුන්ගී~" ඇස්දෙකත් බාගෙට ඇරගෙන,ටේහියුන්ගෙ පපුවෙ මූන තියාගෙන ජන්කුක් මිමිනුවා."අ-අපි ආයෙමත් දොයියන්න යමුද?"



"ඒත් දැන් මන් ඩොක්ටර් එක්ක කතා කරනවා.චුට්ටක් වෙලා ඉන්න පුලුවන්ද බේබි?" ජන්කුක්ගෙ අවුල් වුනු කොන්ඩෙ අතගාන ගමන් ටේහියුන් ඇහුවා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now