CHAPTER 28

1.1K 201 25
                                    

ජන්කුක් ඇද උඩ එයාව ලොකූ බ්ලැන්කට් එකකින් වහගෙන බෝලයක් වගේ ගුලි වෙලා හිටියා.ජන්කුක් නහයත් උඩට අදින ගමන් ඇඩුවා.ජන්කුක් එයාගෙ පිච්චුන අතට හුලං පිබිනගමන් අත දිහා බලාගෙන හිටියා.පිච්චුන තැනට හුලග වැදුනගමන් රිදෙන නිසා ජන්කුක් ලාවට කෙදිරි ගෑවා.

ජන්කුක් තොල් දෙක උල් කරගත්තා.ඇස්දෙකෙන් කදුලු තවමත් නැවතිලා නෑ ඒතරමටම එයා දුකින් ඉන්නෙ."හියුන්ගී හරිම නරකයි." ජන්කුක් මිමිනුවා.



රූම් එකේ දොර ඇරෙන සද්දෙට ජන්කුක්ගෙ සංවේදී හා කන් දෙක ඉස්සුනා.එයා දන්නව දැන් ඔය කවුද ඇවිල්ලා ඉන්නෙ කියන්නත්. ජන්කුක් හුස්මක් පිට කරලා තව තවත් බෝලයක් වගේ ගුලි උනා.



රූම් එකට ආව ටේහියුන් ඇද උඩ බෝලයක් වගේ බ්ලැන්කට් එකෙනුත් වහගෙන ඉන්න ජන්කුක්ගෙ හුරතලේට හිනා වුනා. ටේහියුන් එයාගෙ උගුර පාදලා ළගට ගිහින් ඇදේ පැත්තකින් ඉද ගත්තා.



"බේබි?" ටේහියුන් ආදරෙන් කතා කරා. බ්ලැන්කට් එක අයින් කරන්න හැදුවත් ජන්කුක් ඉක්මනින් තද කරලා අල්ලගත්තා.



"ඔයා යන්න.....ඔ-ඔයා..." ජන්කුක් එයා දන්න නරකම වචනෙ හිතන්න ට්‍රයි කරා, "ඔ-ඔයා හරිම නපුරුයි!"



මාව විශ්වාස කරන්න ඒක තමයි ජන්කුකී දන්න නරකම වචනෙ.



ටේහියුන් හයියෙන් හිනාවෙන්නෙ නැතුව ඉන්න උපරිම උත්සාහ කරා."සොරි බේබි.."  ටේහියුන් ජන්කුක්ගෙ පිටට තට්ටු කරන ගමන් කිව්වා. 



"හියුන්ගි ගොඩාරියක් බිසී පැටියෝ. එහෙන් ඩේමන්ලගේ දේවල් නිසා මගෙ ඔලුව අවුල් වෙලා තියෙන්නෙ.මන් බේබිට බනින්න හිතුවෙ නෑ.බේබිගෙ අත තුවාල වෙලා තියෙනවා දැක්කාම මට තරහ ගියා."

බ්ලැන්කට් එක ඇතුලෙ ගුලි වෙලා ඉන්න ජන්කුක්ගෙ ඇඩිල්ල දැන් නතර වෙලා ඒත් තවමත් ඒ චූටි තොල්දෙකනම් උල් වෙලයි තියෙන්නෙ. "එ-ඒත් එච්චර හයියෙන් කෑගහන්න ඕනෙ නෑනෙ! මන් හිතුවෙ හියුන්ගිට මන් කේක් එකක් හදපු එකට සතුටු වෙයි කියලා..."

"මට ගොඩාරියක් සතුටුයි බේබි. බේබිගෙ අතේ තියෙන තුවාලෙ දැක්කාම මට දුක හිතුනා. සොරි බේබිට හයියෙන් කෑගැහුවට." ටේහියුන් හෙමිහිට පැහැදිලි කරා.

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now