CHAPTER 06

1.6K 325 68
                                    

Bold Italics =  Devil's language

"ඔහ් ගෝඩ්!!!!" කිම් සියොක්ජින් කෑගහගෙන ටේහියුන් දිහාවට කෙලින්ම දුවගෙන ආවා."ඔයා මෙහෙට ළමයෙක්ව ගෙනාවා!! ඔහ් ගෝඩ්~ ඔයා ගොඩාරියක් කියූට් පැටියෝ!!!" ජින් ජන්කුක්ගෙ මූනම අත්දෙකට අරගෙන කම්මුල් මිරිකන ගමන් කිව්වා.



"ජින් හියුන් ඔයා එයාට රිද්දනවා!" ටේහියුන් ජින්ව පැත්තකට කරලා ප්‍රොටෙක්ටිව් විදිහට ජන්කුක්ව තුරුල් කරගත්තා.ඒත් තවමත් ජන්කුක් ජින් දිහා බයවෙලා වගේ බලාගෙන ඉන්නවා.ඇත්තටම මේ වගේ දේවල් ජන්කුක්ට පුරුදු නෑ!



"හ්-හෙලෝ?"



"හෙලෝ කියුටී!" ජන්කුක්ගෙ කොණ්ඩේ අවුස්සන ගමන් ජින් කිව්වා. ජන්කුක්ගෙ කොන්ඩේ අතගාන ජින්ගෙ අත ටේහියුන් අයින් කලාම ජින් ටේහියුන්ට රැව්වා."මන් සියොක්ජින්. ඔයාගෙ නම මොකක්ද කියුටී?"



"ම්-මන් ජන්කුක්"



"ඔයා වගේම නමත් කියුට්.කවුරු මොනා හිතුවත් මන් දැන් ඉදන් ඔයාට කතාකරන්නෙ කියුටි කියලා!" ජින් ජන්කුක්ගේ අත රිදෙන්නෙ නැති විදිහට අල්ලගෙන," කියුටී, ඔයා කෑම කෑවද? ඔයා ගොඩාරියක් කෙට්ටු වෙලානෙ!"



ජන්කුක්ගෙ බෝල ඇස්දෙකේ කදුලු පිරුනා."ම්-මන් කැතයි න්-නේද?" ජන්කුක් කිව්වා.



"කවුද ඔයාට කැතයි කිව්වේ! ඔයා තමයි මන් දැකපු ලස්සනම කෙනා~!" ජින්ගෙ වර්ණනාවට ජන්කුක්ගෙ කම්මුල් රෝස පාට උනා.ජන්කුක් දිහා බලලා හිනා වුන ජින් ආයෙමත් නළලත් රැලිකරගෙන ටේහියුන් දිහා බැලුවා."ඇයි ඔයා මෙයාව මෙහෙට ගෙනාවෙ?"කියලා ඇහුවා.



"ජන්කුකී මගේ මේට්, හියුන්." ටේහියුන් කෙටියෙන් උත්තර දුන්නා.



"ගෝඩ්! ඔයා එහෙනම් අපේ ලෝකෙ ඉන්න ලස්සනම ඒවගේම කියූට්ම රැජිණ වෙයි!" ජන්කුක්ගෙ චූටි කම්මුලක් මිරිකන ගමන් ජින් කිව්වා."ඔයාට මොනාහරි බොන්න ඕනෙද? මට රසට හොට් චොක්ලට් හදන්න පුලුවන් කියුටී!"



"හ්-හොට් චොක්ලට් ම්-මොනාද?" කියලා ජන්කුක් ඇහුවා.



"ටේ, එයාට මොකක්ද වෙලා තියෙන්නේ! හොට් චොක්ලට් කියන්නෙ මිනිස්සු බොන්න ආසම ඩ්‍රින්ක් එකක්නෙ, නේද?" ජින් ටේහියුන්ගෙන් ඇහුවා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now