CHAPTER 26

1K 215 37
                                    

"අන්තිමේදි බේබි නැගිට්ටා!!!!!" ජින් ඩ්‍රැමටිකල් විදිහට කියන ගමන් ජන්කුක්ගෙ කම්මුලක් මිරිකුවාම ජන්කුක් හිනාවුනා.



"හියුන්ගි ඔයාට හොට් චොක්ලට් ගොඩාරියක් හැදුවා.ඔයාට ඕන තරම් බොන්න පුලුවන්!"



"තැන්කූ හියුන්ගී-" "ඔයාට එකයි බොන්න පුලුවන් බේබි" ටේහියුන් කිව්වාම ජන්කුක් තොල් දෙකත් උල්කරගත්තා.

"ඇයි?" ජන්කුක් හුරත්ලේට රවාගෙන ඇහුවා.

"ඒකතමයි.ඇයි? කුකීට ඕනෙ මොනවද ඒව ඔක්කොම කුකීට හම්බෙනවා. නේද?" ජින් ඇහුවාම ජන්කුක් ඔව් කියලා ඔලුව වැනුවා.



"ඩොක්ටර් කන්ග් කිව්වා ජන්කුක්ට තවම හොද උන ගමන් කියලා ඒවා ගොඩක් බොන්න හොද නෑ කියලා" ටේහියුන් කිව්වා.

"අනේ හියුන්ගී-" "නෑ කියන්නෙ නෑ කියන එක බේබි" ටේහියුන් පහත් කටහඩකින් කිව්වෙ ජන්කුක් දිහා බලාගෙන. හරියට නිකන් තවත් මොකුත් කියන්න එපා වගේ.ඒක තේරුම්ගත්ත ජන්කුක් තොල් දෙකත් උල් කරගෙන සුසුමක් පිට කලා. "හුම්.." 

"යුන්ගි හියුන් කිව්වා ජන්කුකීව එයාට ගොඩාරියක් මතක් උනා කියලා" ජන්කුකී දුකින් වගේ ඉන්න නිසා ටේහියුන් කිව්වා.



"ඇත්තටමද!?" ජන්කුක්ගෙ ඇස්දෙක දිලිසුනා."මටත් ගොඩාරියක් මතක් උනා!" ජන්කුක්ගෙ තියෙන හුරතල් බනී හිනාවට ටේජින් දෙන්නට පිස්සු වගේ.

"හැමෝටම ඔයාව මතක් උනා,කියුටී...මාත් ඇතුලුව!" ජින් ජන්කුක්ව තදින් බදාගෙන කිව්වා.



"මටත් ජිනී හියුන්ගිව මතක් උනා!"

______________________________________________________

"හියුන්ගි මන් කෝමා එකේ ඉන්නකොට ඇඩුවද?" ටේහියුන්ගෙ ඇගිල්ලෙ තියෙන රින්ග් එකත් එක්ක සෙල්ලම් කරන ගමන් ජන්කුක් බැම්බි ඇස්දෙකත් ලොකූ කරගෙන ටේහියුන්ගෙන් ඇහුවා.

"ඇයි එහෙම අහන්නෙ?" ටේහියුන් නලල රැලිකරගෙන ඇහුවා.



"මට කවුරු හරි මගෙ ලගට වෙලා අඩනවා ඇහුනා.මන් ඇස්දෙක අරින්න ගොඩාරියක් ට්‍රයි කරා ඒත් බැරි උනා.එයාට අඩන්න එපා කියලා කියන්න ඕනෙ උනත් මගේ ඇස්දෙක මන් කියන දේ ඇහුවෙ නෑ.ඉතින්... හියුන්ගි ඇඩුවද?"



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now